
නිවෙස්වල කූඩුකර තැබීමට ගිරවුන්, සැලළිහිණියන් ආදී පක්ෂීන් ද දම්වැල් දමා රිළවුන්, වඳුරන්, මුවන් ආදී සතුන් ද කොටුකර හෝ ඇති නොකළ යුතුයි. මේ සත්ත්වයන්ගේ ශාපයන් තම නිවෙසට කෙදිනක හෝ ලැබෙනු ඇත. නිවසේ ප්‍රධාන උළුවස්ස යට සිට කොණ්ඩය පීරීම, උකුනන් බැලීම, පරුෂ වචන කීම හා කැහි කාරා කෙළ ගැසීම නොකළ යුතුයි.
“මේක නම් මහ මූසල කාලකණ්ණි ගෙයක් නොදකින් ආපු දා ඉඳන් කිසිම වගතුවක් නෑ”
“මහම මහ ජරා ගෙයක් ආපු දා ඉඳන් විනාශය. කිසිම සැනසීමක් නෑ. මට නම් මේක පොළවට සමතලා කරන්න හිතිලා තියෙන්නේ”
“ගෙයක් නොවේ මේක පෝරකයක්. ගෙට ආපුදා පටන් අනතුරු මිසක් මේක නම් හූනියමක්”
මේ වගේ කතා ඔබ ඕනි තරම් අසා ඇත. නමුත් මෙම ආකාරයට තමන්ට සෙවණ දෙන ජීවිතයේ තමන්ගේම සහකරුවෙක් බඳු අපගේ නිවහන මෙවැනි කතාවලින් ගොඩක් දුකට ආතතියට පත්වෙන බව ඔබ දන්නේ නැතිව ඇති. නමුත් ගේකට හැකියාව තියෙනවා එම නිවසේ පදිංචිකරුවන් සතුටේදී හිනා වෙන්නටත් දුකේදී ඔවුන් සමග හඬා වැලපෙන්නත්. අපි සතුටින් ඉන්න මොහොතක අපේ ගෙදර සිරියාව අපේ නෙතට දැකිය හැකිය. ඇතුළත හා පිටත පිරිසිදුව දොර ජනෙල් විවෘතව ආලෝකවත්ව ප්‍රීතිවෙන අයුරු නිවසින් දැක ගත හැක. ඒ වගේම අපි දුකින් ඉන්න මොහොතක නිවසේ දොර ජනෙල් වසා නිවස ඇතුළත හා පිටත දූවිලි, කුණු කසළ රැඳී අඳුරු ස්වභාවයක් නිවස තුළ දක්නට ලැබෙනවා. ඒ ගෙයක් හඬන මොහොතක් ගෙයකට කතා කරන්න හිනා වෙන්න නොහැකි වුණාට එම නිවසට ඒ සම්බන්ධයෙන් සංඥා දක්වන්න පුළුවන්. වාස්තු විද්‍යාවේදී ගෙයක් නිර්වචනය කරන්නේ ජීවියකු හැටියට විශ්වයට අයිති දෙයක් හැටියට. ඒත් අපි දකින්නේ නිකම් ගඩොල්, සිමෙන්ති, යකඩ එකතු වුණ නිර්මාණයක් ලෙසයි. නමුත් විශ්වයගෙයක් විශ්වයට අයිති සම්පතක් ලෙස දකිනවා. විශ්ව ශක්තිය නිවස තුළට ලබා දෙනවා. එම විශ්ව ශක්තිය අඩු වැඩි නොමැතිව කළමනාකරණය කිරීම තමයි වාස්තු විද්‍යාව මගින් සිදු කරන්නේ. විශ්ව ශක්තිය නිසි ලෙස නොලැබීම, අඩුවීම නිසා නිවසේ ධන තරංග ශක්තීන් දුර්වල වෙනවා. නමුත් විශ්වයට අවශ්‍ය වන්නේ මෙම දුර්වලතා නිවැරදි කරලා මෙම විශ්වයට අයිති නිවස තමන්ට අවනත වන ආකාරයට තබා ගැනීම. ඒක කිරීමේදී නිවෙස විනාශ කරන්න විනාශ වෙන්න පෙර එහි ජීවත් වන මනුෂ්‍යයන් හට නොයෙක් පීඩා දෙමින් මේ තත්ත්වය සංඥා මාර්ගයෙන් පෙන්වා දෙන්නේ මෙය නිවැරදි කරගන්නා ලෙසටයි. ඒවා පෙන්වා දෙන්නේ නිවැසියන් රෝගී බවට පත් කිරීමෙන් ධන හානි ගෙන දෙමින් හෝ විපත් සිදුකරමින් ඒ මොහොතේ නිවසට බැණවැදිලා වැඩක් නෑ. හොඳම දේ මෙම නිවසේ පවතින වාස්තු දෝෂ සොයා බලා පිළියම් යෙදීමයි. බොහෝ නිවෙස්වල ප්‍රබලව වාස්තු දෝෂ නොතිබුණත් එහි ජීවත්වන්නන්ගේ හැසිරීම නිසා ඇති කරගන්නා දෝෂ පවතිනවා. ඒවා මොනවාද යන්න මඳක් බලමු. මේවා සමහර විට වාස්තු දෝෂ තරමට බරපතළ වෙන්න පුළුවන් තමන්ගේ වැරදි ක්‍රියා, වැරදි වචන හා ක්‍රියාකාරකම් නිසා හටගන්නා දේවල් යම්කිසි නිවසක උදේ සිට රාත්‍රිය දක්වාම නිතරම රණ්ඩු සරුවල් වීමෙන්, කුණු හරුප කීමෙන්, අතට අහුවෙන දේ බිත්තිවලට ගැසීමෙන්, ජනෙල් දොරවල්වලට නිතරම අතින් පයින් ආයුධවලින් පහරදීම්, වීදුරු කැඩීම් ආදී විනාශකාරී දේ කරමින් තිරිසන් සතුන් මෙන් හැසිරෙනවා නම් එය තුළින් තම නිවස ඉතා සංවේගී වේ. දුකට පත්වේ. එවැනි නිවසකින් එහි වෙසෙන අයට කවදාවත් දියුණුවක්, සතුටක හිමි නොවේ. එවැනි අය දිනෙන් දිනම පරිහානියට පත්වේ. දුකට පත්වේ. ඒ වගේම නිවස ඇතුළේ ඉඳන් නිතරම මන්ත්‍රයක් ලෙසින් “නෑ” කියනවා නම්, අනුන්ට ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර කරනවා නම්, විවිධ කූට උපක්‍රම, පළිගැනීම් සඳහා උගුල් සකස් කරනවා නම් එවැනි අයගේ දියුණුව ආයුෂ අඩු කරයි.
කොච්චර හොඳට වාස්තු විද්‍යානුකූලව තම නිවස පැවතිය ද දිනපතා උදේට දොර ජනෙල් විවෘත කර නිවසට ආලෝකය පැමිණෙන ආකාරයෙන් පිරිසිදු වාතාශ්‍රය ලැබෙන පරිදි නොතැබීමෙන් එම නිවස අඳුරු වේ. දුර්ගන්ධය ඇතිවේ. අශුභ ශක්තීන් වර්ධනය වේ. නිතරම නිවස ඇතුළත දූවිලි, කසළ කැබලි, අතුගෑම හා මිදුල අතුගෑම කළ යුතු අතර නිවස ඇතුළත අතුගෑමේදී ප්‍රධාන දොරින් කුණු කසළ එළියට විසිවෙන පරිදි අතුගෑම ද ඉතා අශුභයි. මිදුල අතුගෑමේදී ද නිවස පිටුපස සිට මුහුණතට මිදුල අතුගෑම නොකළ යුතු අතර ඉදිරිපස සිට පසුපසට අතුගෑම කළ යුතුයි. නිවසේ ඇස්වහ කටවහ දෝෂ පවතී යැයි මතයක් පවතී නම් නිවස ඇතුළත ප්‍රථමයෙන් අතුපතු ගා එම අතුගාන ලද අපද්‍රව්‍ය ටික එක ස්ථානයකට රැස් කරගන්න. (ගේ තුළ දූවිලි, කොණ්ඩගස්, විසිකරන ලද කොළ කැබලි, අනවශ්‍ය තුණ්ඩු කැබලි වැනි දේ) ඉන්පසු පිරිමි පොල්කට්ටකට පුලුස්සන ලද පොල්කටු 03ක පමණ අඟුරු ගෙන අර පොල්කට්ට දමා වියළි මිරිස් කරල් 3 – 4 ක්, ලුණුකැට ස්වල්පයක් දමා ඒවා අර අඟුරුවලට දමා ඉන්පසු අර අතුගා පැත්තකට දමන ලද සියල්ල ද අඟුරුවලට දමා ඇස්වහ කටවහ දුරුවේවා! යැයි කියමින් නිවසේ එළියේ කඩුල්ලට එහා තබන්න. මෙය කළ පසු නිවස තුළට කහ වතුර ස්වල්පයක් ඉස ඖෂධීය සුවඳ ධූපයක් ගේ ඇතුළත පිටත ඇල්ලීමට හැකි නම් ඉතා හොඳයි. නිවසක පවතින මකුළුදැල්, දියසෙවල, බිත්ති මත ඇති වී තිබෙන පුස් වර්ග ද නිතර සෝදා පිරිසිදු කිරීම ද කළ යුතුය. නිවාසවල ඇති කරන සුනඛයන් සඳහා නිවසේ වයඹ දිසාවේ කොටුවක් ඉදිකර සුනඛයන් එහි රැඳවිය යුතු අතර නිවස ඇතුළත, ඇඳන් උඩ, සැටි මත සුනඛයන් තැබීම නිසා එම නිවසට දේව ආකර්ෂණය නොලැබෙනු ඇත.
නිවෙස්වල කූඩුකර තැබීමට ගිරවුන්, සැලළිහිණියන් ආදී පක්ෂීන් ද දම්වැල් දමා රිළවුන්, වඳුරන්, මුවන් ආදී සතුන් ද කොටුකර හෝ ඇති නොකළ යුතුයි. මේ සත්ත්වයන්ගේ ශාපයන් තම නිවෙසට කෙදිනක හෝ ලැබෙනු ඇත. නිවසේ ප්‍රධාන උළුවස්ස යට සිට කොණ්ඩය පීරීම, උකුනන් බැලීම, පරුෂ වචන කීම හා කැහි කාරා කෙළ ගැසීම නොකළ යුතුයි.
නිවසේ ඇතුළත ආගමික ශාස්තෲන් උදෙසා කාමරවල නොයෙක් ස්ථානවල පහන් තැබීම, ආහාර පැය ගණන් තබා තිබීම, දවස පුරා පහන් ආලෝකය තැබීම ද ශුභ නොවේ. ගේ තුළ උතුර, ඊශාන, නැඟෙනහිර දිශාවන්ගෙන් එක් දිශාවක එක් ස්ථානයක් පමණක් මේ සඳහා යොදාගෙන එම ස්ථානය දිනපතා පිරිසිදු කර පහන් දල්වා තබන ආහාර පූජාවන් විනාඩි 10 කින් වත් ඉවත් කළ යුතුයි.
මුළුතැන්ගෙයි හට්ටි මුට්ටිවල රාත්‍රියේ පිසින ලද ආහාර භාජන සින්ක් එක මත ගොඩගසා පසුදිනට නොව එම දිනයේම පවිත්‍රකර තැබිය යුතුයි. ඒ වගේම මුළුතැන්ගෙයි කුණු කසළ භාජනය ද එදින රාත්‍රි කාලයේදීම මුළුතැන්ගෙයින් පිටතට තැබිය යුතුයි. මුළුතැන්ගෙයහි තිබෙන ලුණු මුට්ටිය, වතුර කළගෙඩිය හිස්ව නොතැබිය යුතුයි. මුහුණ බලන කණ්ණාඩි, දෙවි රූප මුළුතැන්ගෙය තුළ තැබීම ඉතාම අශුභයි. නිවසේ විසන්ධිව පවතින විදුලි බල්බ ඉවත් කර දැල්වෙන ඒවා සවිකර තැබිය යුතුයි. වහලයේ වැසි දිනවලට තෙමී ජලය වැටෙන ස්ථාන පිළිසකර කරගත යුතුයි. ඉහතින් දක්වන ලද්දේ නිවෙස්වල සිදුකෙරෙන සමහර වැරදි ක්‍රියාවන් නිසා එම නිවස වාස්තු දෝෂවලින් තොරව පැවතිය ද නොයෙකුත් දෝෂයන්ට ලක්වී නිවැසියන්ව පීඩාවට කරදරයට පත්වන වැරදි ක්‍රියාය. මේවා සියල්ලම විස්තර කළ නොහැකි වුවද නිවැසියන්ගේ වැරදි අඩුපාඩු නොවනාකාරයට නිතර වැඩකටයුතු කළ යුතු ය.
වාස්තු විද්‍යා විශාරද
වාස්තු විද්‍යා ශිරෝමනී
දේශමාන්‍ය, සාම විනිසුරු
ඩබ්ලිව්.කේ.ඒ.එම්. චන්ද්‍රසිරි
සෙන්දිරියාමුල්ල සඳලංකාව
0777-856649

