“බොහොම පිං අයියේ” යැයි පවසා ගෙදර යාමට තම යතුරු පැදියට ගොඩ වුණත් ඔහු ඇයගේ ගමනට බාධා කළා.. මහ පාරේ අනඟ රැඟුම් රඟන්නට ගිය ප්‍රේම කුරුල්ලාට වෙච්චදෙයක්..!

කොහොම වුණත් මේ මෑත දිනක දැකගන්න ලැබුණු ඉන්දන පෝලිම්වලත් මෙන්න මේ වගේ සිදුවීම් වෙලා තියනවා. අන්න ඒ වගේ රසවත් කතාවක් ඇසෙන්නේ ඇතුගල්පුරවරයෙන්..
තෙල් ගැසීමට යතුරු පැදියක් තබාගෙන දිගු පෝලිමක බොහෝ වේලාවක් රැඳී සිටි කාන්තාවකට අපහසුතාවයකින් තොරව තෙල් ගැසීමට උදව් කරපු තරුණයකුට ඇය කළ උපකාරයට ප්‍රති උපකාරයක් ලෙසට ගුටි පූජාවකින් සංග්‍රහ කළ පුවතක් ගැනයි මේ කතාව.
අත්‍යවශ්‍ය වාහනවලට පෝලිමකින් තොරව තෙල් ගැසීමට අවසරය ඇති අතර, ඒ අතරේ එහි ආරක්ෂාවට සිටින පොලීසිය හා ඉන්ධන පිරවුම්හල්වල සේවය කරන දන්නා හඳුනන අය බාධාවකින් තොරව තෙල් ගසා පිටවී යනවා.
ඇතැමුන් පෝලිමේ රැඳි එකා පසුපස එකා ගමන් කරන්නේ ඔවුනට දන්නා හඳුනන උදව් උපකාර කිරීමට කිසිවකුත් එහි නොමැති නිසායි.
එසේ තෙල් ගැසීමට පැමිණි රූමත් තරුණියක පෝලිමක කෙළවරේය. එකෙක් ඇය අසලට පැමිණියා. නාඳුනන ඔහු දන්නා හඳුනන අයකු මෙන් ඇයට සමීප වුණේ අන් අයට නොදැනෙන්නටයි.
”නංගි මං තෙල් ටික ගහලා දෙන්න ද?” ඔහු ඇසුවා. “අනේ ඔයාට පුළුවන් ද ? ඒක කොච්චර හොඳද” ඇය කීවා.
“එහෙනම් ඔයා මට බයික් එක දෙන්න. අන්න අර එහා පැත්තේ පෝලිමේ මගේ බයික් එක තියෙනවා. ඔයා එතැන ඉන්න. මට ඔයාගේ බයික් එක දෙන්න ටක් ගාලා තෙල් ටික ගහගෙන මම එන්නම්.” ඔහුගේ වදනට ඇය කැමැති වුණා.
පැය ගණනක් හිටියත් තෙල් ගැසීමට බැරි වෙන ඇයට ඔහු තෙල් ටික ගසා දුන්නා. ඇය නිම්හිම් නැති සතුටකින් දිව ගොස් “බොහොම පිං අයියේ” යැයි පවසා ගෙදර යාමට තම යතුරු පැදියට ගොඩ වුණා.
ඔහු ඇයගේ යතුරු පැදියේ හැඩලය අල්ලා ගත්තා. ඇයගේ ගමනට බාධා කළා. දෙදෙනා අතරේ සංවාදයකි. ගත වූවේ නිමේෂයකි. ඇය ඔහුගේ මුහුණ දෙසට පහර පිට පහර දුන්නා.
අවට අය එතැනට දිව ගොස් ඔහු බේරා ගන්නා අතරේ යතුරු පැදිය පණ ගැන් වූ ඇය එතැනින් නික්ම ගියා.
“කැත හිතකින් ඇයට උදව් කරලා ඇයගේ ආදරය බලෙන් ඉල්ලු අනංගයාට හොඳ වැඩේ” පෝලිම් කඩාගෙන යනවා දුටු අය දොස් පිට දොස් පැවසීමේ දී ලැජ්ජාවට පත් හෙතෙම කම්මුල අත ගගා පෝලිමේ තබා තිබු තම යතුරු පැදිය ද ඉවතට ගෙන තෙල් ගැසීම පසෙක තබා ඔහු ද එතැනින් ඉවතට ගියාලු..



