මේ කොල්ල මාතර වැලිගම කොල්ලෙක් එයා ගංවතුර දවස්වල එයාගේ ජීවිතේ ගැනවත් නොසිතා අසරණ මිනිස්සු 60කට වඩා ජීවිත බේර ගෙන

ඒ ගමේ අය මෙයාට ඇගයීමක් දීල කරපු හොද වැඩේට ඒක පට්ට වටිනව එයත් වීරයෙක් 💗
මේ චතුරංග….
උඩුබද්දාවෙ ගංවතුර අවදානමට ළක් වූ ජීවිත 60 කට වැඩි පිරිසක් බේරගත්තෙ අපි වෙනුවෙන් ස්වේච්ඡා වෙන් ඉදිරිපත් වූ චතුරංග..🙏🙏🙏.🚤🚤🚤🚤🚤
බෝට්ටුවට නගින්න චතුරංග පිටත් වුනේ එන්ජිම අතේ අරන් අපේ රංග එක්ක… 🚜🚜🚜
ට්‍රැක්ටරේක නැගල කට්ටිමහන මහාජල කද තරණය කරපු චතුරංගටයි රංගටයි saftey jacket ටික දෙන්න අපිට කල්පනාවක් වුනේ නෑ..😪 saftey jacket නැතුව රුදුරු ජල කඳට ගිය චතුරංග රෑ වෙද්දි පීටර් වත්තෙ කුඩා, තරුණ මහලු 60 කට වඩා වැඩි පිරිසක් ආරක්ෂිතව ගොඩට ගෙනාව..💐💐
අද ගමේ පිරිස එකතුවෙලා චතුරංගට උපහාර උත්සවයක් සැලසුම් කරල.🙏🙏
චතුරංගට මුදලින් වගේම එදා බෝට්ටුවට වැටිල විනාශවුන phone එකට අලුත්ම phone එකකුත් තෑගි ලැබුනා..
චතුරංග හරි නිහතමානිව ඒ සියල්ල බාරගත්තෙ හිතේ ලොකු සැනසීමකින් කියල දැනුනෙ..
එදා ඒ මොහොතෙ මගෙ දරාගන්න බැරිවුණ පීඩනය නැති කරපු චතුරංගට ප්‍රණාමය පුදකරපු ග්‍රාම නිලධාරී තිසේරා මිස්. EDO සුරන්ජිත් මහතා ඇතුළු ග්‍රාමීය ප්‍රජා ආරක්ෂක කමිටුවට මගේ ප්‍රසංශාව..🙏🙏🙏🙏
චතුරංග ඔබ ජීවතය දිනලා…❤❤❤
උපුටා ගැනීමකි #මාතර #srilanka



