Uncategorized

මේ ගැන ඔබත් දැන සිටියා නම් ගොටුකොළ යුෂ කෝප්පයක් දිනපතා පානය කරනවා නිසැකයි

 

ශරීරයේ තිබෙන විස නසන්න දිනපතා ගොටුකොළ පානයකින් හැකිවන බව පැවසුවොත් ඔබ පිළිගන්නවාද…?

ගොටුකොල කියන්නේ ඖෂධ වර්ගයට අයත් ශාකයක්. ඊට අමතරව එය එළවළුවක් ලෙසත් ආහාරයට ගන්න පුළුවන්.

ගොටුකොලවල වල විටමින් වර්ග බහුලව අඩංගු වෙනනිසා ගොටුකොළ පානය මගින් බොහෝ රෝග සුවකර ගැනීමේ හැකියාවක් තිබෙනවා.

ශරීරයේ දැවිල්ල හෝ උෂ්ණ අධික රෝග සෙම් රෝග සුව කිරීමේ බලයක් මේ ගොටුකොළ වලට තියෙන බව සොයාගෙන තියෙනවා.

ඒ වගේම ධාරණ ශක්තිය වර්ධනය කිරීමේ හැකියාවත් මේ ගොටුකොළ සතුයි.

බොහෝ දෙනා උදැසන කිරි වීදුරුවෙන් පසු ශරීරයට ආහාර ලබාගන්නවා. නමුත් උදැසන හිස් බඩ ගොටුකොල වීදුරුවක් පානය කරොත් ඔබට හිතාගන්නවත් බැරි පෝෂණයක් ඔබේ සිරුරට ලබාගන්න පුළුවන්. ඒවගේම බොහෝ රෝග සුව වෙනවා.

ගොටුකොල පානයක් සැකසා ගන්නා අයුරු
අවශ්‍ය ද්‍රව්ය
නැවුම් ගොටුකොල ග‍්‍රෑම් 400 පමණ, වතුර කෝප්ප තුනක්, පොල් කිරි කෝප්ප දෙකක්, කැකුළු හාල් ග‍්‍රෑම් 100 පමණ, සුදු ළුණු බික් තුනක්, පදමට ලූ‍ණු

පළමුව ගොටුකොළ තෝරා හොඳින් සෝදාගන්න. බත් පිසින ආකාරයට බත් බෙරි වන සේ රත් කරන්න. ඉන් පසු ගොටුකොළ වලට වතුර දමා බ්ලෙන්ඩර් කරන්න. නැතිනම් කොටා එයට වතුර එක් කරන්න.

හාල් ඒක තැම්බෙන්න පටන් ගන්න අවස්ථාවේ සුදුළුනු බික් එයට එකතු කර තැම්බුනාට පසු බත් සමග හොඳින් මිශ‍්‍ර වන තෙක් පොඩි කරගන්න.

ඉන් පසු පොල් කිරි එකතු කර රත් වූ පසු උතුරන මට්ටමට පැමිණෙන විට එයට කොළ කැඳ එකතු එක් කරන්න. එම මිශ්‍රණය විනාඩි තුනක් පමණ තබා හොඳින් හැඳි ගා අවශ්‍ය පදමට ලූ‍ණු එකතු කර පානය කරන්න.
-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!