තරු ගොසිප්

රටක් ආදරේ ක්ලබ් වසන්තගේ බිරිඳ ආයෙමත් හිටි හැටියේම රෝහල් ගත කරලා

ඇය සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ ආදරණීය බිරිඳ මැණික් ලංකා…
ඇය මීට මාස හතකට කළින් ජිවිතයේ සියලු සැප සම්පත් මැද හරිම සතුටින් උන්නු හුඟාක් ආදරණීය කාන්තාවක්… ඒත් නොසිතූ මොහොතක සියලු සිහින ඇගේ පය පාමුල විසිර ගියා… ඒ වසන්ත ඝාතන සිදුවීමත් එක්ක….
ඇගේ ජිවීතය බේරුනේ හාස්කමකින් වගේ…. වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින් වුණත්… අද වෙද්දී මැණික් ඉන්නේ ඇගේ මහගෙදර… ඇයගේ ජිවිතේට තවත් බොහෝ දේවල් අහිමිවී ගිහින්…

කොහොම වුණත් මේ වෙද්දි මේ පවුලේ අයගේ ජීවිතේ නොසිතූ ලෙඩ කඩා වැටුනේ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමත් එක්ක.ඇය නිතරම මුහුණු පොත හරහා ඇගේ දුක බෙදාගන්නවා…

මාස හතකට පෙර බරපතළ තුවාල ලැබූ මැණික් විජේවර්ධන දැඩි සත්කාර ඒකකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලැබුවා.
කොහොම වුණත් ඇය සුවය ලබා නිවසට ගොස් සිටියත් තවමත් ඇය සම්පූර්ණයෙන්ම සුවය ලබලා නැහැ. ඇයට ආපහු සැත්කමක් කරලා කියලයි ආරංචි වෙන්නේ….

ඇය රෝහල් ගතකර ගිලන් සයනයක වැතිර ඉන්න පින්තූරයක් එක්ක හරිම සංවේදී සටහනක් ඇය එක්කරලා තිබුණා… ඒ මෙන්න මෙහෙමයි…

උපුටාගැනීමකි…

මා හඩවන්න එපා යැයි ඉල්ලු තැන
හොද හැටි මා හඩවා ඇත
මා අත් හරින්න එපා යැයි ඉල්ලු තැන
කෲර ලෙස මා අත් හැරදමා ඇත ….

උපුටාගැනීම අවසන්…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!