දේශීය පුවත්

රෝහිණීට කුණුහරුප වැස්සක්…

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

 

පුවත්පත් නිවේදනය

වීරප්පන්ගේ මඩ බලකායෙන් රෝහිණී කවිරත්නට මඩ ප්‍රහාරයක්

පැය 4 කට පෙර ‘නිලුපුල් විසින් මෙහෙයවන වීරප්පන්ගේ මඩ බලකාය’ විසින් මේ සමඟ අමුණා ඇති සමාජ මාධ්‍ය පෝස්ට් එක දමා ඇත. මෙය පට්ටපල් බොරුවකි. මෙවැන්නි ප්‍රකාශයක්  මා විසින් කිසිදු තැනක කර නැත.

මෙයට පෙර ද මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන වීරප්පන් බලකායේ කණ්ඩායම විසින් මාගේ ප්‍රකාශ විකෘති කරමින් ද, අපහාස කරමින් ද, පොල් ගසමින් ද සමාජ මාධ්‍ය මඩ ව්‍යාපාරයක් දියත් කළේය.  එය සිදු කළ පුද්ගලයා විසින් මෙහෙයවන ලද සෑම පිටුවකම මේ මඩ ප්‍රචාරය ද මේ වන විට බෙදා හැර ඇත. එය මධ්‍යගතම ආසන බලමණ්ඩල මගින් ක්‍රියත්මක වන පිටු වලට ඇතුළත් කර ඇත.

දැනට දින තුනක සිට විපක්ෂයේ කාන්තා මන්ත්‍රීවරියන්ට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහිව වෛරය පතුරන කුනුහරුප හා අසත්‍ය කරුණු මෙහෙයවන කණ්ඩායමක් ක්‍රියාත්මක වේ.  එයට සජබ, එජාප, පොහෝට්ටුවේ, ශ්‍රීලනිප මහජන නියෝජිතයින් ද, වෙනත් විකල්ප අදහස් කරන අයට එ කෝපය එල්ල කර ඇත.

පසුගිය දින කිහිපය තුල වරුණ රාජපක්ෂ, සජින් රත්වත්තේ, හර්ෂනී සඳරුවනි යන අයගේ සමාජ මාධ්‍ය පිටුවලට මෙම මඩ බලකාය විසින් මෙවැනි අවලාද සහිත කුණුහරුප ප්‍රචාරය කර ඇත.

මා පාර්ලිමේන්තුවේ දී මේ නිලුපුල් ගේ වීරප්පන් බලකාය හා එහි කුණුහරුප ව්‍යාපෘතිය ගැන කියා ඇත. නැවතත් කිව යුතුව ඇත්තේ දේශපාලනයේ නිරත කාන්තාවන් ක්‍රියාකාරීන් ඉලක්ක කර සිදු කරන මෙවැනි නින්දිත, අධම ක්‍රියා මගින් මාගේ දේශපාලන  කටයුතු නැවැත්විය නොහැකි බවයි.

රෝහිණී කවිරත්න

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!