දේශීය පුවත්

ලස්සන කතුන් පිරුණු ඒ රටේ ‘සැමියන් කුලියට ගනු ලැබේ’

අතිශයින්ම ලස්සන කාන්තාවන් සිටින රටක් ලෙස සැළකුණද, ලැට්වියාවේ පවතින පුරුෂයන්ගේ හිඟය නිසා විවාහ වීමට අපේක්ෂා කරන කාන්තාවන්ට ගෙදර දොරේ වැඩ සඳහා ‘සැමියන්’ කුලියට ගැනීමට සිදුවී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

යුරෝපයේ කුඩා රටක් වන ලැට්වියාවේ කාන්තාවන්ට නිවසේ වැඩ කරගැනීම සඳහා පැයකට ස්වාමිපුරුෂයන් බඳවා ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ද සන් පුවත්පත වාර්තා කර ඇත්තේ.

යුරෝස්ටැට් සංඛ්‍යාලේඛනවලට අනුව, එරට දැනට සිටින පිරිමින්ට වඩා කාන්තාවන් 15.5% කින් වැඩියි.

එය යුරෝපා සංගමයේ රටවල සාමාන්‍ය ගැහැණු පිරිමි පරතරය මෙන් තුන් ගුණයකින් වැඩියි.

ලැට්වියාවේ වයස අවුරුදු 65 ට වැඩි අය අතර, පිරිමින්ට වඩා දෙගුණයක් කාන්තාවන් සිටින බව ද සඳහන්.

රටේ පවතින මෙම පුරුෂ හිඟය පියවා ගැනීම සඳහා, කාන්තාවන් කෙටි කාලයක් සඳහා උපකාර ලබා දෙන සේවා වෙත යොමුවෙමින් සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

එහි කාන්තාවන්ට යූරෝ කිහිපයක් ගෙවා නල කාර්මික, වඩු වැඩ, අලුත්වැඩියා කටයුතු සහ රූපවාහිනියක් සවිකිරීම වැනි දේ සඳහා පිරිමින් කුලියට ගැනීමට පෙළෙඹෙනවා.

විවිධ සේවා මඟින් කාන්තාවන්ට දුරකථනයෙන් හෝ ඔන්ලයින් හරහා “පැයකට සැමියෙක්” කුලියට ගත හැකි අතර, ඔවුන් පැයක් ඇතුළත පැමිණ අවශ්‍ය කාර්යය කර දී යන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ එහි පිරිමින්ගේ ආයු අපේක්ෂාව අඩු වීමට ප්‍රධාන වශයෙන් හේතුව අයහපත් සෞඛ්‍ය පුරුදු සහ ජීවන රටා තෝරා ගැනීම් බවයි.

එරට දුම්පානය කරන පිරිමි ජනගහනය 31% ක්.

කාන්තා ජනගහනයෙන් දුම් පානය කරන්නේ 10% ක් පමණයි.

මේ අනුව, පිරිමින් තුන් ගුණයක් පමණ දුම් පානය කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

අධික බර හෝ තරබාරු පිරිමින් 62% ක් වන අතර, එම ප්‍රවණතාවය කාන්තාවන් අතර 57% ක්.

ලැට්වියාව යනු 20කටත් අඩු ජනගහනයක් සිටින වර්ග කිලෝමීටර් 64,589ක පමණ භූමි ප්‍රමාණයකින් යුත් රටක්.

කෙසේවෙතත් එය බෙල්ජියම, සයිප්‍රස්, ඩෙන්මාර්ක්, ලක්ෂම්බර්ග්, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, බොස්නියා වැනි යුරෝපා රටවල් බොහොමයකට වඩා විශාලත්වයෙන් යුක්තයි.

ලැට්වියාවට පමණක් සීමා නොවූවද, 2022 දී තිදෙනෙකුගේ මවක් වන ලෝරා යන්ග්  ඇගේ සැමියා වන ජේම්ස්ව  අමතර මුදල් සඳහා වෙනත් කාන්තාවන්ට කුලියට දීමෙන් අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධියක් ලැබීමට හේතුවුණා.

වයස අවුරුදු 42 ක් වන ජේම්ස්, සාමාන්‍ය ගෙදරදොර වැඩ, පින්තාරු කිරීම, ටයිල් ඇල්ලීම සහ කාපට් එලීම ඇතුළු සියලුම දේ සිදු කරන්නෙක්. ඔහු පැයකට 280 ක් පමණ අය කරනවා. ඔවුන්ගේ මෙම ව්‍යාපාරය කෙතරම් ජනප්‍රිය වී ඇත්ද යත්, ජේම්ස් දැනටමත් නොවැම්බර් මාසය සඳහා වෙන් කර ඇති බව ද එරට මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!