තරු ගොසිප්

කුක්බුක් එසේ වාර්තා අලුත් කරද්දී අපිට හැමදාම රසට කෑම හදන්න කියා දීපු එයත් කඩයිමක් පසු කරලා…

ඇයට ආදරේ හදවත් මිලියනයක්..
”මිලියනයක් ගන්න අවුරුදු නවයක් ගියේ, මට ආදරේ කරපු අය විතරක් එකතු වුණ නිසා…”

– Anoma’s Kitchen

”1 Million Subscribers

මට ආදරේ කරන හදවත් මිලියනයක්. මට මේ දේ ලබාගන්න අවුරුදු නමයක් ගියා. නමුත් මාව subscribe කරලා තියෙන්නෙ ඇත්තටම උයන්න කැමති, තමන්ගෙ පවුලේ අයට ආදරේ කරන්න වගේම, පවුලේ බැඳීම් වැඩි කරගෙන ජිවිතය ගෙනියන්න කැමති අය.
දැන් ලංකාවෙ Subscribersලා මිලියනයට වැඩි අය ගොඩාක් ඉන්නවා. Wild Cookbook චරිත් පුතාට මිලියන දහයක් වෙලා. පුතාටත් මේ වෙලාවේ සුභ පතනවා. නමුත් මට මගේ මේ මිලියනය හරිම වටිනවා. මිලියනයක් ගන්න අවුරුදු නවයක් ගියේ මට ආදරේ කරපු අය විතරක් එකතු උන නිසා.
ඔබ සියලු දෙනාම මට එකසේ වටිනවා. ඔබ සියලු දෙනාටම මගේ හඳ පතුලෙන්ම ස්තුති වන්ත වෙනවා.
මමයි සිසිරයි මේ දවස්වල රට වටේ ගමනක් යන ගමන් ඉන්නෙ. ඒ හින්දා හරියට පොස්ට් එකක් හදාගන්නත් බැරිඋනා. මේක සිසිර හොටෙල් එකේදි හැදුවෙ. අපි ගෙදර ආවාම විඩියෝ එකක් කරන්නම්.

ආදරෙයි.
මම
අනෝමා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!