
සුවිනි සහ චරිත් කියන්නේ මේ ලෝකේ ඉන්න ලස්සනම ආදරවන්තයෝ දෙන්නෙක්…
චරිත් කියන්නේ හමුදා සෙබලෙක්. රට වෙනුවෙන් සිය ශරීරය දන් දුන් ආබාධිත විරුවෙක්…
සුවිනිගේ ආදරේ හරිම නිර්මලයි.
ඉතිං ඒ ගැන ඇය පසුගියදා කියපු අපූරු කතාව තමයි මේ…
” මම බස් එකේ ඉඳගෙන ඉන්නකොට දැක්කා මෙයා බස් එකට නගිනවා. සීට් තිබුණෙත් නෑ. මං නැගිටලා සීට් එක දුන්නා. මං පොඩි කාලේ ඉඳන් ආමි එකේ අයට ගොඩක් ආසයි. මට හිතුනා මෙයා ආමි එකේ කියලා. චරිත් මේ විදිහට ඉද්දිමයි හම්බවුණේ. අපි යන අතරතුර ගොඩක් දේවල් කතා කරා. ඊට පස්සේ මම ෆෝන් නම්බර් එක ඉල්ලන් ගොඩක් දවස් කතා කලා. ඊට පස්සේ තමයි දෙන්නගෙ අදහස් ගැලපෙනවා කියලා තේරුනේ. මට මෙයාට ආදරේ කරන්න හිතුනා. මම පොරොන්දු උනා මගේ ඇස් දෙක වගේ මෙයා බලා ගන්නවා කියලා. ඒ වගේම ඉදිරියටත් හුස්ම තියෙන තුරාවට මං මෙයා බලාගන්නවා..”



