සයුරෙන් එහා පුවත්

සඳට ගිය නිල් භූතයා හොයාගත් අලුත්ම දේවල් මොනවද කියලා දන්නවාද ?

ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් නමැති ඇමෙරිකාවේ පෞද්ගලික ගගන සමාගම, සාර්ථකව සඳට යැවූ බ්ලූ ගෝස්ට් රොබෝ සඳ ගවේෂණ යානය, මේ වනවිට ඡායාරූප කීපයක් පෘථිවියට ලැබෙන්න සලස්වා තිබෙනවා…

එසේ එවනු ලැබූ මෙම ඡායාරූපයේ ඉහළින් කුඩාවට දකින්න ලැබෙන්නේ අප පෘථිවියයි. මෙම ඡායාරූපයේ බ්ලූ ගෝස්ට් යානයේ සෙවනැල්ල ද දකින්න ලැබෙනවා…. එය විශේෂත්වයක්..

යානයේ සම්පූර්ණ හැඩය සෙවනැල්ල මගින් දැක ගැනීමට හැකියි…. යානයේ ඇන්ජිමත් දකින්න ලැබෙනවා… ඊට අමතරව චන්ද්‍ර පෘෂ්ඨයේ පැහැදිලි දසුන් ද ඡායාරූපයෙන් දකින්න පුළුවන්…

ඡායාරූපයේ පෘථිවිය තරමක් කුඩා අයුරින් දකින්න ලැබෙන්නේ, යානය භාවිතා කරන අල්ට්‍රා වයිඩ් Ultra Wide කැමරා කාච නිසාය. අප මෙම යානය ඇති තැන සිටින්නේ නම්, පෘථිවිය මීට වඩා විශාල අයුරින් දකින්න ලැබෙනු ඇත.

බ්ලූගෝස්ට් යානයට අල්ට්‍රා වයිඩ් කැමරා කාච සවි කර ඇත්තේ, පුළුල් ප්‍රදේශයක් ඡායාරූපයට නැගීමට අවශ්‍ය බැවිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!