තරු ගොසිප්

පියුමි කියන්නෙ බොහොම හොඳ කෙනෙක්. එයාගෙ හිත හරි ඉක්මනට කැඩෙනවා.’ – හොඳම යහළුවා චන්දිමාල් ඈ ගැන කී කතාව

මැයි 31 කියන්නෙ, විශේෂ කාරණාවක් නිසාවෙන් හැම අවුරුද්දකම කවුරුත් මඟ බලාගෙන ඉන්න දවසක්.

ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය නිසාවෙන්.

චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය කියන්නෙ සරල එකක් එහෙම නෙවෙයි. එය තනිකරම ‘රාජකීය සාදයක්’

මෙවරත් එහි රාජකීය බව අඩුවක් නැතුව තිබුණා.

නමුත් මෙවර එහි යම් සුවිශේෂී අඩුවක් දකින්න ලැබුණා.

ඒ, චන්දිමාල්ගේ හොඳම මිතුරිය වුණු පියුමි හංසමාලි ඊට සහභාගී නොවීම.

ගෙවුණු කාලය තුළ ඔවුන් යම් අමනාපයකින් පසුවන බවකි දක්නට ලැබුණෙ.

ඒත් එක්කම පියුමි මෙවර චන්දිමාල්ගේ උපන්දින සාදයට සහභාගී නොවීම විශේෂයෙන් කැපී පෙනුණා.

ඒ ගැන චන්දිමාල් දැක්වූ අදහස් කිහිපයකි මේ….

”යාළුවෝ කවදාවත් තරහ වෙන්නෙ නෑ. සමහර වැරදි වැටහීම් වගේ දේවල් තියෙනවා. ඉතින් මම කවදාවත් එයා එක්ක තරහ වෙන, එයාව විවේචනය කරන කෙනෙක් නෙවෙයි. පියුමි කියන්නෙ බොහොම හොඳ කෙනෙක්. එයාගෙ හිත හරි ඉක්මනට කැඩෙනවා. හරි ඉක්මනට එයාගෙ හිත රිදෙනවා. ඒ වගේම හරි ඉක්මනට එයාගෙ හිත හැදෙනවා. ඉතින් ඒ නිසා මම එයාගෙ ජීවිතේ එයාට තියන හැම ප්‍රශ්නයක්ම ඉවර වෙලා අයිමත් ලබන අවුරුද්දෙ මාත් එක්ක මේ රාත්‍රිය ගත කරන්න එන්න ලැබෙන්න කියලා ඇයට ආරාධනා කරනවා. එයාට මම හරි ආදරෙයි හැමදාම…”

උපුටාගැනීම : Tharindu Welhenage සමඟ කළ කතාබහක් ඇසුරින්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!