තරු ගොසිප්

මේ තමයි මුලින්ම හිටපු පොලිස් සමන්’ ‘වසන්ත මොරගොඩ මහත්මයා ආවේ ඊළඟට’ වාලම්පුරියේ ලකාගෙන් හෙලිදරව්වක්…

ප්‍රවීණ රංගන ශිල්පි සම්පත් තෙන්නකෝන් මහතාගේ ජන්ම සංවත්සරය ඊයෙ (ජුනි 20) දිනයට යෙදී තිබුණා.
එතුමාගේ මතකය සිහිකරමින් ලියවුණු සටහන් රැසක් සමාජ මාධ්‍යයේ දක්නට ලැබුණා.
ඒ අතර සුවිශේෂී සටහනකි, ලක්මාල් ධර්මරත්න මුහුණුපොතට එක්කළ සටහන.
ඔහු අධ්‍යක්ෂණය කළ, මේ දිනවල වඩාත් ඉහළ ප්‍රතිචාර ලබමින් තිරගත වන ”වාලම්පුරි” සිනමා සිත්තමෙහි, ‘පොලිස් සමන්’ චරිතය සඳහා පළමු තෝරාගැනීම වූ සම්පත් තෙන්නකෝන් මහතාගේ මතකය ගැන ලකා එහිදී මෙලෙස සඳහන් කර තිබුණා.
”නොකියූ කතාව….
අද සම්පත් තෙන්නකෝන් මහත්මයාගේ උපන්දිනය. හිටියනං එතුමට 66 ක් කියලා රත්නා ලාලනී මහත්මිය දාල තිබුණා.
මේ තමයි මුලින්ම හිටපු ‘පොලිස් සමන්’
අපි කැමති වුණේ ඒ විශාල ශරීරය යට තිබුණු පුංචි උණුවෙන හදවතට. පුංචි වේදනාවක් තියන ගැඹුරු ඇස්වලට. අපි දෙන්නා පැය ගණන් කතාකලා ‘පොලිස් සමන්’ ගැන….
කන්ද උඩ සිඩ්නිලාව අල්ල ගන්න ෂූට් එකේදි කන්ද නගින්න සම්පත් අයියට අපහසු වුණා. ඒත් නැග්ගා. සීන් එක කලා. කල්පිටියේ ආව…. එහෙම කාරුණික මනුස්සයෙක්…. එහෙම සතුටින් හිටපු මින්හෙක්…. එහෙම ආදරේ වැඩිහිටියෙක්….
ඒත් කොවිඩ් කාලෙ එක දවසක ඒ අසනීපය උත්සන්න වෙලා සම්පත් අයියා අපෙන් සමුගත්තා. මේ එයාගෙ dream role එක. මල්ලී මම මාර ආසයි මේ character එකට…. ඒත් ඒක complete කරන්න සම්පත් අයියට බැරිවුණා…
වසන්ත මොරගොඩ මහත්මයා ආවේ ඊළඟට. වසන්ත අයියා හැමතැනකම සම්පත් අයියා ගැන සිහිකලේ මාර ආදරයකින්. එදා පේරාදෙණියේ විශ්ව විද්‍යාලෙ පවා.
මම ෆිල්ම් එකේ premiere එකට රත්නක්කට ආරාධනා කලේ නෑ. සම්පත් අයිය නැති එයාගෙ ආසම චරිතය තිබුණ චිත්‍රපටය රත්නක්කට පෙන්නන්න මට ඕනෙවුණේ නෑ. අපේ ටීම් එක ඇහුවත් මම එපා කිව්වා. අක්කා හෝ පුතා බැලුවද මම දන්නෑ…. මට එයාලට ඒ හිස් හැඟීම ආයෙම දෙන්න ඕනෙවුණේ නෑ.
මම දර්ශන් වැටෙන එක සුභාට හෝ දුවට පෙන්නුවෙත් නෑ. (අපේ ටීම් එකම එක හඬින් හිටියා ඒකට)
ඒත් ඒකෙ තේරුම සම්පත් අයියා අතහැරලා නෙවෙයි. අපි සෙට්වෙන හැමදාකම අපි සම්පත් අයියා ගැන කතාකරනවා. වසන්ත අයියා කතාකරනවා.
දර්ශන්, සම්පත් තෙන්නකෝන්, දයා තෙන්නකෝන් කියන්නේ හැමවෙලේම හිනාවෙන් පිරුණු අපේ චිත්‍රපට කණ්ඩායමේ උගුර හිරවෙන මාතෘකා…
ඉතිං සම්පත් අයියේ.., ඔයා ඒ කාරුණික හිනාවෙන්ම කොහේහෝ ඉන්නවා ඇතැයි මම හිතනවා…. අපේ මුළු කණ්ඩායමම හැමවෙලේම ඔයාව අපෙ මතක ඇතුළට ගේනවා…..
මුළු වාලම්පූරි ටීම් එකම වෙනුවෙන්
ලකා”

උපුටාගැනීම : Walampoori ෆේස්බුක් පිටුවෙන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!