‘|
”ඩිල්ෂාන් ආයෙම බැඳලා !!
හැබැයි ඒ මංජුලා තිළිණිවම තමයි…”
මේ දවස්වල සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වෙන මාතෘකා අතර, ඩිල්ෂාන් – මංජුලා දෙන්නගෙ විවාහ උත්සවය සෑහෙන ජනප්‍රිය මාතෘකාවක්.
ඇත්තම කතාව නම්, දෙන්නා ආයෙම බැඳලා නෙවෙයි, දෙන්නත් එක්ක ආදරණීයන් පිරිවරාගෙන හරි ලස්සන විවාහ සංවත්සරයක් සමරලා.
නමුත් එය විවාහ මංගල උත්සවයකට දෙවෙනි නොවීමයි, මේ කසුකුසුවට හේතුව.
ඩිල්ෂාන් – මංජුලා යුවළ මේ විදියට සමරන්නෙ ඔවුන්ගේ 18 වන විවාහ සංවත්සරය.
”අපි බැඳලා අවුරුදු 18ක් වුණත්, අද බැන්දා වගේ තමයි අවුරුදු 18ම අපි ගත කළේ.
දුක සැප සියල්ල ඉතාමත් සතුටින් බෙදාගෙන මේ ආපු ගමනෙ දරුවො හතර දෙනෙක් එක්ක මම ලබන්න ඕනි ලොකුම ජයග්‍රහණ ලැබුවා, ක්‍රිකට් ක්‍රීඩාවෙනුත් පවුල් ජීවිතයෙනුත්…
මෙච්චර හොඳ බිරිඳක්…
මම බැන්ද දවසෙත් කිව්වා කවදාවත් දාලා යන්නෙ නෑ කියලා. මේ තමයි මගෙ ජීවිතේ… මේ තමයි මගෙ ඇස් දෙක…
මැරෙනකල් එකට ඉන්නයි අපේ බලාපොරොත්තුව…”
ඩිල්ෂාන් එහෙම කියනකොට, ආයෙමත් ලස්සන මනාල යුවළක් වෙන්න හේතු වුණු විශේෂ කාරණයක් ගැන මංජුලා වචන එකතු කරලා තිබුණේ මෙහෙමයි…
”අපි දෙන්නට අයිපීඑල් මැද්දෙ තමයි කසාද බඳින්න වුණේ. ඒක කරේ ඉන්දියාවේ.
අපේ පවුලෙ අය, අපේ ක්ෂේත්රයේ අය ,ඩිල්ෂාන්ගේ ක්ෂේත්රයේ අය මේ හැමෝම එක්කම ඒ සතුට බෙදාගන්න අවස්ථාවක් ලැබුණෙ නෑ.
අද ඒ අවස්ථාව ලැබුණා අපිට….”
#ChannelE

