සයුරෙන් එහා පුවත්

සමලිංගික රසිකයෙකුට ඓශ්වර්යාගෙන් ලිප්ස්ටික් තෑග්ගක්…

සිනමාව තුළින් කලකින් නොදුටුවත් යළිත් ලෝකයේම අවධානය මොහොතකට සොරාගන්නට සුපිරි බොලිවුඩ් තරුඅයිශ්වර්යා රායි සමත් වී තිබෙනවා.

ඒ පැරිස් විලාසිතා සතිය හැඩකරමින් ප්‍රේක්ෂක සිත් ආකර්ෂණය කළ ඇයගේ වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ වේගයෙන් සංසරණය වීමට පටන්ගැනීමත් සමඟයි.

අයිශ්වර්යා, ඇගේ දියණිය වනආරධ්‍යා බච්චන්සමඟින්, Le Défilé L’Oréal Paris සඳහා සැප්තැම්බර් 29 වන දින පැරිසියට පැමිණියා.

නවතම වීඩියෝවක දැක්වුණේ ඇය වෙත පැමිණි ජනප්‍රිය වේශ නිරූපණ ශිල්පියකු සහ ඇය සංවේදී වූ මොහොතක් ගැනයි.

ඔහු නමින්ආදිත්‍ය මදි රාජු. ඔහුගේ සිහින තරුවක් වන අයිශ්වර්යා සමඟ පැරිස් විලාසිතා වෙනුවෙන් වැඩ කිරීමට ඔහුට අවස්ථාවක් ලැබී තිබුණා. ඒ  ගැන ඔහුගේ සතුට ඇය වෙත ප්‍රකාශ කළා.

එතැනින් කතාව ඉවර වුණේ නෑ. ඔහු තමන්ගේ ජීවිතයේ රහසක් ඇය වෙත හෙළි කර තිබුණා.

ආදිත්‍ය ඇයට පැවසුවේඇය ඔහුගේ විවාහයට හේතුව වූ බවයි.

ඔහු සහ ඔහුගේ සහකරු ඇයගේ දැඩි රසිකයන් වූ බවත්, එය ඔවුන්ගේ පළමු හමුවීමේදීම ඇතිවූ බැඳීමට උපකාරී වූ බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළා.

අයිශ්වර්යා විසින් මෙම ප්‍රකාශයට ප්‍රීතියෙන් ප්‍රතිචාර දැක්වූවා.

ආදිත්‍ය විසින් ඇයට පෙන්වූ ඔහුගේ සහකරුගේ සහ දියණියගේ ඡායාරූපයට ප්‍රතිචාර ලෙස කුඩා දැරියට සුබපැතුම් එක්කළා.

එතැනදී ආදිත්‍ය නොසිතූ ලෙසඅයිශ්වර්යා ඔහුට සිහිවටනයක් ලෙස ඇය ඒ මොහොතේ පැළඳ සිටි තොල් ආලේපනය ඔහුට තෑගි කළා.

මෙම අවස්ථාව සිය සමාජ ජාලයේ බෙදා ගනිමින්, ආදිත්‍ය සටහනක් එක් කර තිබුණේ මෙලෙසයි.

“අපේ හදවත්වල රැජින… ඔබව හමුවීමත් සිහිනයක්”

අයිශ්වර්යාට අමතරව, මෙම වසරේ පැරිස් විලාසිතා ප්‍රදර්ශනයට ගිලියන්, සින්ඩි බෲනා,වයෝලා ඩේවිස් , ජේන් ෆොන්ඩා, කෙන්ඩල් ජෙනර්, ඊවා ලෝන්ගෝරියා, ඇන්ඩි මැක්ඩවෙල් සහ හෙලන් මිරන් ඇතුළු ජාත්‍යන්තර තරු පෙළකගේ ආකර්ෂණීය පෙළගැස්මක් ද ඇතුළත් වී තිබුණා.

සෑම තරුවක්ම මෙහිදී පැරිස් විලාසිතා වේදිකාවේ නිරූපණය කළේ  ‘සමානාත්මතාවය, නිදහස සහ සහෝදරත්වය’යන තේමාවන් නියෝජනය කරමින්.

අයිශ්වර්යා අවසන් වරට දක්නට ලැබුණේ මනි රත්නම්ගේ විශිෂ්ටතම කෘතිය වනPonniyin Selvan II හිදීයි.

එහිදී ඇය ද්විත්ව චරිත නිරූපණය කළා. කෙසේ වෙතත්, ඇගේ මීළඟ නිර්මාණය තවමත් නිවේදනය කර නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!