ගොසිප් පුවත්

ලෝක විවාහක රූ රැජින තරගයට ලංකාවේ සබීනා ඇමරිකාවට.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවැත්වීමට නියමිත 41 වැනි ලෝක විවාහක රූ රැජින (Mrs. World) තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන සබීනා යූසෆ් මහත්මිය අද (21) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනෙන් පිටත්ව ගියාය.

 

ලොව පුරා රටවල් 60කට අධික සංඛ්‍යාවක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ජාත්‍යන්තර තරගාවලිය හෙට (22) දින සිට ලබන 29 වනදා දක්වා අමෙරිකාවේ ලාස්වේගාස් හිදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

තරගාවලියට සහභාගී වීම සඳහා ඇය අද අලුයම 03.00ට පමණ කටාර් ගුවන් සේවයට අයත් QR-659 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටත්ව ගිය අතර, එතැන් සිට වෙනත් ගුවන් යානයක් මගින් ලාස්වේගාස් බලා ගමන් කිරීමට නියමිත බව වාර්තා වේ.

 

ඇයට සුබ පැතීම සඳහා තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ, ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක, භාෂා සහ පෞරුෂත්ව පුහුණුකරු තාරක ගුරුකන්ද මෙන්ම 2024 ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාව දිනාගත් ඉෂාදි අමන්දා ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

මීට අමතරව සබීනා යූසෆ් මහත්මියගේ ඥාතීන් සහ හිත මිත්‍රාදීන් විශාල පිරිසක් ද ඇයව දිරිමත් කරමින් සමුදීම සඳහා ගුවන් තොටුපොළ පරිශ්‍රය වෙත එක්ව සිටි ආකාරය දැකගත හැකි විය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!