තරු ගොසිප්

ආදරවන්තයින්ගේ දිනයට පුබුදු – මාෂි යුවළගෙන් ආදරණීය පණිවිඩයක්! ලංකාවම ආදරය කරන ඒ කැදැල්ලේ අලුත්ම පින්තූර මෙන්න.

ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අතිශය ආකර්ෂණීය වගේම හැමෝම ආදරය කරන සුපිරි යුවළක් තමයි පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ. 

මේ දෙන්නගේ ලෝකය අද වෙද්දී තවත් ලස්සන වෙලා තියෙන්නේ කාටත් වඩා ආදරය කරන ඔවුන්ගේ පුංචි දියණිය නිසයි.
පෙබරවාරි 14 වැනිදාට යෙදුණු ආදරවන්තයින්ගේ දිනය එහෙමත් නැත්නම් Valentine’s Day වෙනුවෙන් පුබුදු සහ මාෂි තමන්ගේ ආදරණීය රසිකයින් වෙනුවෙන් සුවිශේෂී තෑග්ගක් දීලා තිබුණා. ඒ තමයි ඔවුන් දෙදෙනාගේ අලුත්ම ආදරණීය ඡායාරූප පෙළක් තමන්ගේ මුහුණු පොතට එකතු කිරීම.

මේ පින්තූරවලින් පේන්නේ ඔවුන් දෙදෙනා අතර තියෙන ඒ නොවෙනස් වන බැඳීමයි. දියණියගේ පැමිණීමත් එක්ක මේ ආදරය තවත් අලුත් වෙලා තියෙන හැටි මේ පින්තූර බලන කාට වුණත් දැනෙනවා. “ආදරය කියන්නේ සැබෑ කැපවීමක්” කියලා පෙන්වන මේ ලස්සන පින්තූර පෙළට මේ වෙද්දී සමාජ මාධ්‍යවලින් විශාල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

ඔයාලත් බලන්නකෝ ඒ ලස්සනම ලස්සන පින්තූර එකතුව.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!