දේශීය පුවත්

පාර අයිනේ ෆෝන් එකක ටෝච් එකක් පත්තුවෙලා තිබුණොත් නතර කරන්න එපා” මේ සෙල්ලම පිටුපස තියෙන භයානක රහස මෙන්න..

මේ කියන්න යන්නේ මුහුණු පොතේ හුවමාරු වෙන කතාවක් ගැන.

රාත්‍රී කාලයේ පාරේ ගමන් කරන ඔබව අතිශය භයානක අනතුරකට ඇද දැමීමට සොරුන් සහ කොල්ලකරුවන් විසින් අටවන ලද අලුත්ම “ටෙක්නිකල්” උගුලක් ගැන තොරතුරු වාර්තා වෙනවා.
ඔබ වාහනයෙන් යද්දී පාර අයිනේ ජංගම දුරකථනයක ටෝච් එක (Flashlight) දැල්වෙමින් පවතිනවා දුටුවහොත්, කිසිම හේතුවක් මත වාහනය නතර කරන්න එපා.

පාර අයිනේ වැටී ඇති දුරකථනයක ටෝච් එක දැල්වෙමින් පවතිනු දැකීමෙන් ඕනෑම අයෙකුගේ අවධානය ඒ වෙත යොමු වෙනවා.
“කාගේ හරි ෆෝන් එකක් වැටිලා” කියලා හිතලා ඔබ වාහනය නතර කරන තෙක් අඳුරේ සැඟවී සිටින සොරුන් බලා සිටිනවා.
ඔබ වාහනයෙන් බැස දුරකථනය අසලට යනවාත් සමඟම ඔවුන් ඔබට පහර දෙනවා.
ඔබේ මුදල්, පසුම්බිය සහ ජංගම දුරකථන කොල්ලකෑම පමණක් නොව, ඔබේ වාහනය පවා පැහැර ගැනීමට ඔවුන් සැදී පැහැදී සිටිනවා.
මෙය හුදෙක් ඔබව වාහනයෙන් බස්සවා ගැනීමට කරන “උගුලක්” පමණි.
මෙවැනි දෙයක් දුටුවහොත් වාහනය නතර නොකර ඉදිරියටම ධාවනය කරන්න.
හැකි ඉක්මනින් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ හදිසි ඇමතුම් අංකයකට ඒ පිළිබඳව දැනුම් දෙන්න.
ඔබේ කුතුහලය ඔබේ ජීවිතයට හෝ දේපළවලට අනතුරක් වීමට ඉඩ නොදෙන්න.

උපුටා ගැනීම – මුහුණු පොත..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!