Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

හිටගෙන තෙරපි තෙරපි බිමල් ඇමතිතුමා හදිස්සියේම දුම්රියක මේ කොහෙද යන්නේ ? නිලධාරීන් ෆුල් හොල්මන්

අද(ජන 20) උදෑසන 7.13 ට මොරටුවෙන් යන කාර්යාල දුම්රියේ නැඟී කොළඹ කොටුව දක්වා ගමන් කළ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා
කිසිඳු දැනුම්දීමකින් තොරව (මාධ්‍යයටත්) ගිය මේ ගමනෙන් දුම්රිය ආශ්‍රිත බොහෝ ගැටළු හඳුනාගෙන තිබෙනවා.
සාමාන්‍ය මගියෙකු ලෙස ගිය මේ ගමනේදී බොහෝ මගී ජනයා සේම හිටගෙන ගමන් කළ අතර අහම්බෙන් දුටු මේ ජනතා නියෝජිත මගියා හා සුහදව කතා බහ කරමින් ගිය බවද වාර්තා වෙනවා.
* ඔහු ගමන් කළ දුම්රිය ද ව්නාඩි 13කපමණ ප්‍රමාද වී පැමිණ තිබෙනවා.
* සමහර දුම්රියපොළවල් වල බැස ක්ෂණික නිරීක්ෂණයන් කර නැවත ගොඩවෙමින් ගිය මේ ගමනින් බොහෝ ගැටලු හඳුනාගෙන තිබෙනවා.
* එතරම් පැරණි නොවූ දුම්රියක් වුව ද විදුලි පංකා තිබූ බවට සළකුණු මිස මෙහි කිසිඳු විදුලි පංකාවක් නොතිබූ බවද නිරී්ක්ෂණය වී තිබෙනවා.
* අබාධිත අයට(රෝද පුටුවලින්) දුම්රියට ගොඩවීමට පහසුකමක් නැති බවද ප්‍රායෝගිකවම දැක තිබෙනවා.
* මාර්ගය දෙපස අපිරිසිදු තැන්, වැසිකිළිවල අපිරිසිදු තැන් ආදියද තිබූ බව කියැවෙනවා.
* සමහර ව්ට අවදානම් සහිත, ඉතා පැරණි දුම්රිය ධාවනය වන බව ද නිරීක්ෂණය වී තිබෙනවා.
ජනතාවගේ ගැටලු පාලකයාගේ කෝණයෙන් නැතුව ජනයාගේ කෝණයෙන්, අත්දැකීම්වලින් විසදුම් සෙවීම අතිශයින් ප්‍රායෝගිකයි.

සැබෑ මහජන නියෝජිතයෝ

Copied – Anupa Bandara Official Channel

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!