තරු ගොසිප්

සම්මාන උළෙලම කණ පිට පෙරලෙයි..! ලෝක ප්‍රසිද්ධ සුරූපිනිය නිරුවතින් සම්මාන රාත්‍රියට ආවේ ඇයි ?

ගොඩක් දෙනෙක් කතා වුණා.. ඒ ඇගේ විලාසිතාව නිසා..

67 වැනි ග්‍රැමී සම්මාන උළෙල පසුගිය ඉරිදා උත්කර්ෂවත් ලෙස නිමාවට පත්වුණා…

බියංකා සෙන්සෝරි, මෙලෙස ග්‍රැමී සම්මාන උළෙලේදී කතා බහට ලක් වුණු ඒ තාරකාව වුණා.. ඇය ඉතා විනිවිද පෙනෙන සුළු ඇඳුමක් හැඳ සිටින බව පැවසුණත් කිසිවකුට ඇගේ අදෘද්‍යමාන ඇදුම හඳුනාගැනීම පහසු වුණේ නැහැ…

ඒ වෙනුවට කෙන්යේගේ බිරිඳ රතු පලස මත පෙන්නුම් කළේ ඇය තනි නිර්වස්ත්‍රයෙන් සිටින ආකාරයයි… කෙසේ වෙතත්, ඇගේ මේ විලාසිතාව අතිශය උත්කර්ෂවත් සම්මාන උළෙලේ ගෞරවය සහමුලින්ම කෙළෙසා දැමීමක් බවයි බොහෝ විචාරකයින් පවසන්නේ…

මුළු ලෝකයම පිළිගත් ග්‍රැමී සම්මාන උළෙලට ඇයට ඒ ආකාරයෙන් පෙනී සිටීමට අවසර ලැබුණේ කෙසේද යන්න බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වී තිබෙනවා..
සාමාන්‍යයෙන් සිය බිරිඳ සමඟ ප්‍රසිද්ධ පෙනී සිටීම්වලදී ඇයගේ නිරුවත අඩ නිරුවත ප්‍රදර්ශනය කිරීමට කෙන්යේ පසුගිය කාල සීමාව පුරාම කටයුතු කළ ආකාරය ලොවට රහසක් නෙවෙයි..

නමුත් මෙවැනි සුප්‍රසිද්ධ උළෙලකට ඇය ඒ ආකාරයෙන් රැගෙන ඒවියැයි කිසිවකු බලාපොරොත්තු වුණේ නැහැ..
කෙන්යේ වෙස්ට් ග්‍රැමී සම්මාන උළෙලට සහභාගී වුණේ වසර දහයකට පසුව වන අතර ඔහු අවසන්වරට එහි රතුපලස මත පෙනී සිටියේ 2015 වසරේ දී ඔහුගේ පෙර බිරිය වූ කිම් කාඩේෂියන් සමඟයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!