Uncategorized

එලබටු කැද බොන්න හුගාක් අය වැඩිය ආසා නැ.. හැබැයි දන්නවද ඒකේ තියෙන ගුණ.. කැස්ස පීනස නිට්ටාවටම සුවයි. මෙන්න සම්පූර්ණ විස්තරය…

නිරෝගී ජීවිතයක් ගෙවන්න අපි හැමෝම කැමතියි….

මේ කියන්න හදන්නේ විශ්මිත ගුණ දෙන පානයක් හඳා ගන්නේ කොහොමද කියලා…

එලබටු ගම්බද බොහෝ නිවෙස් වල දකින්නට පුළුවන්….ඉතිං… අපි අද කියන්න යන්නේ ඉතාමත් රසවත් ඒ වගේම ගුණවත් එලබටු කැඳ හදාගන්න හැටි….

සෙම් රෝග වලට විශේෂයෙන් ගුන දෙන එලබටු කොල කැඳ ඉතාම රසවත්….

එලබටු සෙම් රෝග නාසකයි…

එම නිසා කැස්ස පීනස නිතර පවතින කැස්ස ආදී සියලු සෙම් රෝග වලට ඉතා හොඳයි…

නිතර පවතින හිසරදය, ඇස්වල කදුළු ගැලීම, ඇස් කැසීම, ඇස්වල නගන ආදී රෝග බොහොමයක් නැති කරනවා…

සමේ පවතින ලප කැලැල් නැති කර සම පැහැපත් කරනවා…

අර්ශෂ් රෝගීන්ට ඉතා හොඳයි.

මල බද්දය දුරු කරයි.

ඇග උණු කරවා යෑම සහ ඔසප් ශුලය අඩු කරයි.

බඩගින්න වඩවයි.

අතපය වේදනාව අඩු කරයි.

තුනටිය අමාරු හන්දි වේදනාව අඩු කරයි.

එල බටු වලින් රසවත් කැඳක් හදාගන්න විදිය අපි බලමු.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මෙන්න මේ දේවල්…

එලබටු කොල අවශ්‍ය පමණට,

කැකුළු සහල්,

සුදු ළූනු බික් කීපයක්,

පොල් ස්වල්පයක්,

ලුණු ස්වල්පයක්,

හකුරු.

මේ තියෙන්නේ සාදන ක්‍රමය

එලබටුකොල සෝදා පිරිසිදු කර බ්ලෙන්ඩරයට දමා සුදුළූනු හා පොල් ස්වල්පයක් සහ වතුර ටිකක් දමා බ්ලෙන්ඩර් කර යුෂ සාදා ගන්න.

කැකුළු සහල් ටිකක් ගෙන ලිප තබා බත් තැම්බුණු පසු බ්ලෙන්ඩර් කර ගත් එලබටු යුෂ දමා එයට අවශ්‍ය පමණට ලුණු දමා මද ගින්නේ රත්කර පානය කරන්න.
(කොලොස්ට්‍රෝල් ඇති අය පොල් නොදමා සකසා ගන්න.)

වැඩි රසයක් සඳහා හකුරු ස්වල්පයක් සමඟ පානය කරන්න.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!