දේශීය පුවත්

රටක්ම කතා කල දියේ ගිලුණු තරුණයා බේරාගත් විදෙස් කත ගැන ඇසෙන අපූරු කතාව මෙන්න…

මේ කතාව කරුණාවන්ත හිතක් තියෙන අභීත කාන්තාවක් ගැන කතාවක්…

ඇය Farah Putri … ඇය අපේ රටේදී සිදුකළ නිර්භීත ක්‍රියාවක් ගැනයි මේ කියන්න හදන්නේ…

මේ දවස්වල ලංකාවේ සංචාරයක නිරත වෙලා ඉන්න Farah Putri හට ලංකාවේදී අමුතු අත්දැකීමකට මුහුණ දුන්නා.

මැලේසියානු ජාතික ඇය දියලුම දියඇල්ලේ ව්ලොග් එකක් කරමින් ඉන්නකොට ඇයට පිරිසක් කෑ ගසන හඬ ඇසිලා බලනකොට තමයි දන්නේ කෙනෙක් වතුරේ ගිලිලා කියලා.

දෙපාරක් නොහිත ඇය ඒ කොල්ලව බේරගන්නවා. ඇයගත් ඉක්මන් තීරණය නිසා ඔහුගේ ජිවිතය බේරාගන්න පුළුවන් වෙනවා….

අපේ සමහරු සංචාරකයින්ට නොයෙකුත් කෙණෙහිලිකම් කරද්දීත් ඔවුන්ගේ ප්‍රතිචාරය තමයි මේ.

මේ කාන්තාව තමන්ගේ දුවත් එක්ක තමයි සංචාරයේ ඇවිත් තියෙන්නේ. ඇය පුදුම තරම් කරුණාවන්ත නිර්භීත කාන්තාවක් කියලා තමයි කියන්න තියෙන්නේ… ඒ වගේම මුහුණු පොත පුරාම ඇගේ මේ වීර ක්‍රියාව ගැන වීඩියෝ එකක් වයිරල් වෙනවා… මොකද ඒ අවස්තාවේ ඒ සිදුවීම ඇගේ කැමරාවේ වීඩියෝ වෙලා තියෙනවා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!