සයුරෙන් එහා පුවත්

ලෝකවාසී කිතුණුවන්ගේ දෑසට කඳුලක් ගෙනෙමින් වතිකානුවෙන් දුක්බර නිවේදනයක්..

පසුගිය දා රෝහල්ගත කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ නවතම තත්ත්වය පිළිබඳව වතිකානුව නිවේදනයක් කළ බව විදෙස් මාධ්‍ය පවසනවා.

ශ්වසන ආසාදනයකින් පීඩා විඳින පාප් වහන්සේගේ මේවන විට සෞඛ්‍ය තත්ත්ව‍ය අයහපත් තත්ත්වයකින් පසුවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සතියක් පුරා පැවති බ්රොන්කයිටිස් රෝගය උත්සන්න වීමෙන් පසුවයි මෙලෙස ශ්වසන ආසාදන තත්වයකට පත්ව ඇත්තේ.

පසුගිය 14වනදා රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුලත් කරනු ලැබූ පාප් වහන්සේ තවදුරටත් ප්‍රතිකාර ලැබිය යුතු බවට වතිකානු නිවේදනයේ සඳහන්වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!