Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

හෑන්ඩ්ස් ෆ්‍රී ගහගෙන යද්දි බලාගෙනයි. සිංදු අහපු සංදීප්ට හෑන්ඩ්ස් ෆ්‍රී එකක් නිසා වෙච්චි ඛේදජනක දේ….

විදෙස් ගතව සිට මෙරටට පැමිණි පියා ගෙන ආ හෑන්ඩ් ෆ්‍රී දෙක කණේ ගසාගෙන ජංගම දුරකතනයෙන් ගීතයක් අසමින් දුම්රිය මාර්ගයේ ගමන් ගත් සාමානය පෙළ විභාගයට මුහුණදීමට ප්‍රවේශ පත්‍ර අත්සන් කිරීමට යාමට නියමිතව සිටි පාසල් සිසුවෙක් අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා.

ඒ ඊයේ පස්වරුවේදී මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩදී දුම්රියක ගැටීමෙන්.

මෙලෙස මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ පදිංචි ගාල්ල ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන තුසුදු සංදීප් නමැති සිසුවෙක්.

සිසුවාගේ පියා විදෙස් රටක සිට ගෙන ආ හෑන්ඩ් පී දෙකක් ඔහුට ලබාදී ඇති බවත් එය ලබාදී ඇත්තේ මේ හෑන්ඩ් පී දෙක කන් දෙකේ ගසා ගත් විට අවට කිසි දෙයක් නොඇසෙන බැවින් මෙවා පැළද පාරේ තොටේ නොයන ලෙසට අවවාද කරමින් බවත් පොලීසිය කියයි.

දුම්රියේ ගැටුණු සිසුවාගේ සිරුර හදුනා ගැනීමට නොහැකි ආකාරයෙන් කොටස් කිහිපයකටම වෙන්වී ඇති බව පොලිසිය සදහන් කරනවා.

ඔහු එම අවස්ථාවේ හැද සිටි ඇදුම් කොටස් වලින් සහ මුදල් පසුම්භියෙන් සිසුවා හදුනා ගත් බවයි බවත් පොලීසිය පවසන්නේ.

අම්බලන්ගොඩ පොලිසිය මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ පත්වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!