Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

මොකද්ද මේ ලස්සන දන්සැල. වෙසක් පෝයට පැවති අමුතුම දන්සැලක් ගැන අද ඇසෙන කතාව මෙන්න.

වෙසක් පොහොය දිනය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී අද (13) උදෑසන හත සිට දවස පුරා නව මානයකින් යුත් විශේෂිත දන්සැලක් පැවැත්විණි. “ලස්සන දන්සැල” ලෙස නම් කර තිබූ මෙම දන්සැල තුළින් රූපලාවන්‍ය සත්කාරක සේවා හා රූපලාවන්‍ය උපදේශන දානයක් ලෙස පිරිනමන ලදි.

මෙම දන්සැල කාන්තා හා පිරිමි යන දෙපාර්ශවයටම විවෘතව තිබූ අතර, එහිදී කොණ්ඩා කැපීම, හිස සම්බාහනය, ඇහි බැමි සැකසීම, මුහුණු පිරිසිදු කිරීමේ සත්කාර, ඇස් වටා සම සැකසීම ආදී රූපලාවන්‍ය සත්කාරක සේවාවන් රැසක් මෙන්ම රූපලාවන්‍ය හා චර්ම විශ්ලේෂණය ඇතුළු උපදේශන සේවාවන් රැසක් නොමිළයේ ලබා ගැනීමට අවස්ථාව සලසා තිබිණි.
පන්දහසකට අධික පිරිසක් මෙම රූපලාවන්‍ය දන්සැලෙන් සේවා ලබා ගත් බව වාර්තාවේ .
“ලස්සන දන්සල” සඳහා ජාතික තරුණ සේවා සභාවේ රූපලාවන්‍ය ඉගෙනුම ලබන අභ්‍යාසලාභීන් 160 දෙනෙකු සහභාගී වී සේවය සැලසීය.
මෙම විශේෂිත රූපලාවන්‍ය දන්සැලේ සුවිශේෂී ලක්ෂණයක් වූයේ එය වෙසක් උත්සවයේ සාම්ප්‍රදායික ආහාර දන්සැල් වෙනුවට පුද්ගල සෞන්දර්යත්වය හා සෞඛ්‍ය වර්ධනය සඳහා පිහිටවූ පුණ්‍යකර්මයක් වීමයි. අදාළ ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් විසින් සකස් කරන ලද මෙම සේවාව, සාමාන්‍යයෙන් අධික වියදමක් දරා ලබා ගත යුතු රූපලාවන්‍ය සේවා නොමිලයේ ලබාදීම විශේෂත්වයක් විය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!