තරු ගොසිප්

සල්මන්ව බේරා ගන්න ලක්ෂ ගණන් ටිකට් ගත්ත අපූරු ප්‍රේක්ෂකයෙක් ගැන ඇසෙන පුදුම හිතෙන කතාව මෙන්න..

සල්මන් දැවැන්ත පරාජයකින් බේරා ගැනීමට ලක්ෂ ගණනක් වටිනා ‘සිකන්දර්’ ටිකට් මිලදී ගත් රසිකයා

සල්මන් ඛාන්ගේ බොහෝ කාලයක් බලා සිටි ක්‍රියාදාම විනෝදාස්වාද චිත්‍රපටය වන ‘සිකන්දර්’ ඉද් උළෙලට සමගාමීව සිනමාහල්වල තිරගත වීමට නියමිතය.

සිකන්දර් සිනමාහල්වලට ඒමටත් පෙර දැඩි ලෙස විවේචනවලට මුහුණ දුන් චිත්‍රපටයක් වන අතර එය සල්මාන්ගේ අසාර්ථකම චිත්‍රපටවලින් එකක් බවට පත් වීමට ඉඩකඩක් ඇති බවට මත පළ වුණා.

එසේ වුවත් සල්මන් ඛාන් මේ පිළිබඳ උපේක්ෂා සහගත වූ අතර චිත්‍රපටය හොඳ වුවත් නරක වුවත් සිය ප්‍රේක්ෂයින් එය ඉන්දියානු රුපියල් කෝටි 100 දක්වා ගොඩ දමනු ඇති බවට ප්‍රකාශ කර තිබුණා.

එම ප්‍රකාශෙයන් දින කිහිපයකට පසු ඔහුගේ දැඩි රසිකයෙක් ඉන්දියන් රුපියල් ලක්ෂ 1.72 ක් වටිනා චිත්‍රපට ටිකට්පත් මිලදී ගෙන බෙදා හැරිය බවට පුවතක් වාර්තා වුණේ ඊට අදාළ වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙද්දීය.

රසිකයා මීට පෙර ද ඔහුගේ වීරයාගේ චිත්‍රපට වෙනුවෙන් එවැනි දේ කළ පුද්ගලයෙකු බව පැවසෙනවා.

රශ්මිකා මන්දනා, ප්‍රතීක් පටිල්, කාජල් අගර්වාල් සහ සත්‍යරාජ් ද රංගනයෙන් දායක වන AR මුරුගදාස් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ සල්මන් ඛාන්ගේ ඉහළ ක්‍රියාදාම ඇතුළත් චිත්‍රපටයකි. චිත්‍රපටයේ සල්මාන් සහ රශ්මිකාගේ වසස අතර පරතරය පිළිබඳව ද බොහෝ විවේචන එල්ල වුණා.

Copied

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!