සයුරෙන් එහා පුවත්

ගුවන් යානයක් කඩා වැටේ..! හේතුව මෙන්න !

පුද්ගලයන් 67 දෙනෙකු සමඟ කසකස්තානයේදී මගී ගුවන් යානයක් කඩා වැටී ඇති බව කසකස්ථාන බලධාරීහු පවසති.

මෙම ගුවන් යානය කසකස්ථානය අක්ටාවු නගරය ආසන්නයෙන් කඩා වැටී ඇත්තේ යානය කුරුල්ලන් රංචුවක් මැදින් පියාසර කිරීමේදීඑන්ජින් තුළට කුරුල්ලන් ගැටීමෙන් හානි සිදුවීමෙන් බව හෙළි වී තිබේ.

මියගිය අය අතර කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පස් දෙනෙකුද සිට ඇත.

අසර්බයිජාන් ගුවන් සේවය (Azerbaijan Airlines) විසින් මෙහෙයවනු ලබන ගුවන් යානය අක්තාවු නගරය ආසන්නයේදී කඩා වැටීමත්සමග ගිනි ගෙන ඇති නමුත් පසුව ගින්න නිවා දමා ඇති බව බලධාරීහු පවසති.

එම්බ්‍රේර් 190 ගුවන් යානයේ මගීන් 62 ක් සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සිටි බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

යානයේ සිටි අයගෙන් වැඩි දෙනෙක් බොහෝ දුරට අසර්බයිජානියානු ජාතිකයන් වූ නමුත් රුසියාව, කසකස්තානය සහ කිර්ගිස්තානය යනරටවලින් පැමිණි සමහර මගීන් එහි සිටි තිබේ.

අසර්බයිජාන් ගුවන් සේවයේ J2-8243 දරන ගුවන් යානය අසර්බයිජානයේ අගනුවර වන බකු සිට රුසියාවේ ග්රෝස්නි දක්වා පියාසරකරමින් තිබී ඇති අතර මීදුම නිසා එය වෙනත් නගරයකට හරවා යවා ඇති බව වාර්තා වේ.

අක්තාවු ගුවන් තොටුපළ විවෘතව පවතින අතර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව බලධාරීහු පවසති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!