Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

ජපුර සරසවියේ සිද්ධියට අදාල සැකකරු ගැන දැන් ඇසෙන කතාව මෙන්න

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුට හෙල්මට් වලින් හා අතින් පයින් පහරදීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු, එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් විසින් තමාට හෙල්මට් වලින් හා අතින් පයින් පහරදී තුවාල සිදු කරන ලද බවට පසුගිය 29 වනදා හෝමාගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව හෝමාගම පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අද (06) හෝමගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාතර තිහගොඩ ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23 ක් වන තිහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!