Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

හැඩි වූ නුවර දැන් වෙනදටත් වඩා ලස්සන වෙලා… ටොෆි කොලයක්වත් නැති තරමට අපේ අය පිරිසිදු කරලා…

මහනුවර නගරය ශුද්ධ පවිත්‍ර කිරීමේ ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාන්විතය වන්දනාකරුවන්ගේද ප්‍රදේශයේ ආයාතනවල පිරිසගේ ශ්‍රම දායකත්වයන් ඊයේ සිදු වුණා.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම, තරුණ හා වැඩිහිටි ප්‍රජාවගෙන් සමන්විත ස්වේච්ඡා කණ්ඩායම් කිහිපයක් මීට දායකවය ලබා දුන් අතර මෙහිදී සමස්ථ මහනුවර නගරයම සාර්ථකව ශුද්ධ පවිත්‍ර කර ඇති බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.

කසළ බැහැර කිරීම නිසි ලෙස සිදු කිරීම සඳහා ජනතාව තුළ ආකල්පමය හුරුවක් ඇති කිරීමේ වටිනාකම පහදා දෙන අන්දමින් සංවිධාන කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහාය නොඅඩුව හිමි වූ බවත් ජනාධිපති කාර්යාලය සඳහන් කරනවා.

මේ පසුගිය දින කිහිපයේ ජනාකීර්ණව පැවති මහනුවර නගරයේ අද උදෑසන දිස්වූ ආකාරයයි…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!