
අප මූලිකවම ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ සංවිධායක ධුරය සම්බන්ධයෙන් මෑතක දී පළවී තිබු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා පරික්ෂා කර බැලුවා. එහිදී, ලෝටස් හවුස් ලෙස නම් කරන ලද කැස්බෑව පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවයක් පසුගිය (29) වැනිදා පවත්වා ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබුණා.
පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසන සංවිධායක අජිත් නාරගල ද සහභාගී වූ බවයි, මෙහි වර්තා කර තිබුණේ.
මෙම විවෘත කිරීමේ උත්සවයට රජිත හිරාන් ඇතුළු කලාකරුවන් පිරිසක් ද එක්ව සිටින ආකාරය මෙම දර්ශනවල දැකගත හැකි වුව ද ඔහුට ආසන සංවිධායක ධුරය පිරිනමා ඇති බවට එම පුවත් වාර්තාවේ හෝ සඳහන් නොවිය.



