දේශීය පුවත්

ආන්දෝලනයට තුඩු දුන් කළණගේ කමෙන්ටුවට සන්නා එක් කල කමෙන්ටුවටත් විරෝධයක්.!

ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන කළණ ගුණසේකරට සමාජ මාධ්‍යයේ දැඩි විරෝධයක් එල්ලව තිබෙනවා.

ඒ, ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක්කරන ලද සටහනක් නිසාවෙන්.

කළණ මෙලෙස සටහන් කර ඇත්තේ,

”සිද්ධාර්ථ නේරංජනාවට විසීකලේ පාත්තරය නෙවෙයි.ෆෝන් එක.” මැයෙනි.

ඉහත සටහන හේතුවෙන් සමාජ මාධ්‍යයේ දැඩි විවේචනයට ලක්ව සිටින කළණ, පසුව ඇතැම් විවේචනාත්මක ප්‍රතිචාර සඳහා කරුණු පැහැදිලි කිරීම් සිදුකර ඇති අන්දම ද මෙයාකාරයෙන් දැකිය හැකිය.

ඊට කමෙන්ටුවක් එක්කරමින් අපි කවුරුත් දන්න උපුල් ශාන්ත සන්නස්ගල මෙසේ පවසා සිටිනවා.

සිද්ධාර්ථ කීවා ම අපිට මතක් වෙන්නේ බුදුන්.
ඒක වලක්වන්න බැරි සම්බන්ධයක්.

සිද්ධාර්ථ කියද්දි නළුවෙක්, යසෝදරා කියද්දි චන්දිකාගෙ දුව, රාහුල කියද්දි මාතර, මහාමායා කියද්දි නුවර බාලිකාවක් මතක් වෙන අය ඉන්නත් පුළුවන් …!

බුදුන් කීවා ම අපිට මතක් වෙන්නේ ගෞතම බුදුන්. තව අට විසි බුදුවරු හිටියත් අපි එයාලා අඳුරන්නේ නෑ.

පාත්තරේ කීවාම මට මතක් වෙන්නේ නේරංජනේ නෙවෙයි. පැපිලියානේ අභයතිස්ස කිරිබත්ගොඩ සල්ලි එකතු කරපු පාත්තරේ.

අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ පිගානෙන් කාලා ටැංකියෙන් නාන්නේ බාල්දියෙන් නෙවෙයි පාත්තරෙන්.

අපිට සර්ව නාම සහ බහ්වර්ථ වැඩක් නෑ.

ඕන ම ප්‍රකාශයක් ආගම ජාතිය කුලය පක්ෂය එක්ක සම්බන්ධ කර ගන්නවා.

ඉතිං අපිට වීරයෙක් සමරන්න බෑ දුෂ්ටයෙක් නැතිව. වෙසක් දවසේ දේවදත්තයෙක් නැත්නම් ආගම් භක්තිය තීව්‍ර නෑ.

අද ෆේස්බුක් එකේ දුෂ්ට දේවදත්තයා හමුවුණා.
මූ පට්ට ගහලා ඊට පස්සේ දන්සල් කාලා බුදුන් වැදලා එමු.

පුද්ගලයා කවුරු වුනත් වර්තමානයේ දේවල් සමග උදාහරණයට ගනිමින් උතුම් වූ බුදු දහම සහ එය මෙලොවට දායාද කල බුදු රදුන් හෑල්ලු කරමින් කරන මෙම ප්‍රකාශ අපි තරයේ හෙලා දකිමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!