“ඕනෑම දේකට ඔයා මං එක්ක ඉන්නවා.. මං ඔයා ගාව සෙවනැල්ලක් වගේ ඉන්නවා..” මාරක අනතුරක් නිසා අවසන් ගමන එකටම ගිය පෙම් යුවලක් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න

“ඕනෑම දේකට ඔයා මං එක්ක ඉන්නවා.. මං ඔයා ගාව සෙවනැල්ලක් වගේ ඉන්නවා..” මාරක අනතුරක් නිසා අවසන් ගමන එකටම ගිය පෙම් යුවලක් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න

ඒ දෙන්නාගේ හීන ගැන දැනගෙන හිටියේ ඒ දෙන්නා විතරයි.. ඒත් ඒ හීන අද බොඳවෙලා ගිහිල්ල..

මේ කියන්න යන්නේ ආදරයෙන් හිටිය ඒ කුරුළු ජෝඩුව ගැන ඇසෙන අනුවේදනීය කතාවයි.. අද ඔවුන් දෙදෙනාටම ජීවිතය අහිමි වෙලා.. ඒ මාරක රිය අනතුරක් නිසා.. මීට වසර කිහිපයකට කලින් ආරම්භ වුණු ඩිලාන් – එමල්කි ආදර කතාව මේ විදිහට අවසන් වුණේ නොහික්මුණු රියැදුරෙක් නිසාද..? ඔවුන්ගේ ජීවිතවලට අත්වුණු ඒ ඛේදනීය ඉරණම ගැන ඇසෙන කතාවයි මේ..

ඒ දවස පසුගිය 13 වැනිදා.. වෙලාව රාත්‍රී 7ට පමණ ඇති.. මාතර එළියකන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තිස් හැවිරිදි වික්‍රමසිංහ ගම්ආචාරිගේ ඩිලාන් සමීර සහ විසි තුන් හැවිරිදි එදිරිසිංහලාගේ එමල්කි කවිශ්කා ඩයස් යන දෙදෙනා ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරදා ගියේ, මාතර සිට තිස්සමහාරාමය බලා ධාවනය වූ බස් රථයට ප්‍රති විරුද්ධ දිශාවට ගමන් ගත් යතුරුපැදිය ගැටී සිදුවූ අනතුරෙන්..

ඉන් අනතුරුව මෙම මියගිය යුවලගේ හිස මතින් බස් රථය පිටුපස රෝදය ගමන්කර ඇති අතර, මේ බරපතල අනතුරෙන් පසුව බස් රථය ගන්දර පොලිස් ස්ථානය දක්වා නොනවත්වාම ධාවනය කර තිබෙන බවයි දැනගන්න ලැබෙන්නේ..

මේ සිද්ධිය සමබන්ධයෙන් අත් අඩංගුවට ගත් බස්රථයේ රියදුරු හතලිස් හත් හැවිරිදි වීරවිල පදිංචිකරුවෙක්… අනතුරට පත් වික්‍රමසිංහ ගම්ආචාරිගේ ඩිලාන් සමීර තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල අලස්වත්ත පදිංචිකරුවෙකු වන අතර, එදිරිසිංහලාගේ එමල්කි කවිශ්කා ඩයස් තරුණිය මාතර පොල්හේන, කාසිවත්තපුර පදිංචිකාරියක්… බස් රථය මාතර සිට තිස්සමහාරාමය දක්වා ධාවනය වී ඇති අතර මියගිය අය මැද්දවත්ත සිට මාතර දෙසට පැමිණෙන අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති අතර, රියැදුරු සහ බස් රථය මේ වනවිට ගන්දර පොලිසියේ සිට මාතර පොලිස් ස්ථානයට රැගෙනවිත් තිබෙනවා..

මියගිය අයගේ මෘතදේහ මාතර මහ රෝහලට රැගෙන ගොස් තිබුණා.. මෙම සිදුවීමෙන් යතුරු පැදියට දැඩි හානි සිදුව නොමැත. මාර්ගයේ ලිස්සා වැටීමෙන් පසුව බස් රථයේ පසුපස රෝදයට යටවී මෙම මරණ සිදුවී ඇති බවට සැක කරන්නේ..

මෙලෙස මියගිය යුවල ඉතා ආදරණීය ලෙස කාලය ගත කළ දෙදෙනෙක් වන අතර, ඇය ඔහුට අවසානයට යැවූ ලිපියේ අවසානය ඇය මෙසේ සඳහන් කර තිබුණා… “ඕනෑම දේකට ඔයා මං එක්ක ඉන්නවා. මං ඔයා ගාව සෙවනැල්ලක් වගේ ඉන්නවා….මගේ සුද්දෝ…”‍

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *