Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

වැඩ දාලා කෑම හදන අපේ හැඩකාර කොල්ලට දැන් ලැබුනු තැන…

හැඩවැඩ දාලා කෑම හදන කොල්ලා..?

ලංකාවේ තරුණියන් අතර උන්මාදයක් වුණු මේ කඩවසම් සූපවේදියා ගැන අපි කතා වුණේ එකපාරක් දෙපාරක් නෙවෙයි.. චරිත් එන්. සිල්වා..

ඔහු ලංකාවේ නම් ලෝකයට ගෙනයන්න සමත් වුණු තරුණයෙක්..

ලංකාවේ හැමෝටම Wild Cookbook යන නමින් සුපුරුදු වුණු මොහු සමාජ මාධ්‍ය තුළ පසුගිය දිනවල කැපී පෙනුනේ, 10Mක ග්‍රාහකයින් තමන් වටා එක්කරගන්න සමත් වූ නිසයි..

මෙන්න බලන්නකෝ ඒ ජයග්‍රහණය ලබාගෙන මාසයක් ගතවෙන්නත් මත්තෙන් චරිත්ට තවත් විශේෂ තැනක් හිමිවෙලා..

ලොව සුපතල Forbes සඟරාව විසින් චරිත් එන්. සිල්වා නම් මේ තරුණයා,The Arts (ART & STYLE, FOOD & DRINK) අංශයෙන් 2025 Forbes 30 Under 30 ආසියා ලැයිස්තුවට ඇතුළත් කර තිබීම ඊට හේතුවයි..

ඉතින් කෙටි කලක් තුළ ඔහු ලබාගත් මේ ජයග්‍රහණයට චරිත්ට සුබපැතුම් ගණනාවක් එක්වෙලා තිබුණා..

ශ්‍රී ලංකාවේ යූ ටියුබ් නිර්මාණකරුවෙකු සහ ව්‍යවසායකයෙකු වන චරිත්, නිර්මාණශීලීත්වය සහ දැඩි කැපවීම සමඟින්, ලෝකය ජයගත් තරුණයෙකු ලෙසයි බොහෝ දෙනා මේ වන විට හඳුනාගෙන ඇත්තේ..

එය ශ්‍රී ලාංකිකයන් ලෙස අප සැමට මහත් ගෞරවයක්.. එසේම ඔහුට තව තවත් මෙවැනි ජයග්‍රහණ අත් කරගන්නට හිරු ගොසිප් තුළින් අපිත් ඔහුට සුබපතනවා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!