දේශීය පුවත්

තම ජීවිතය ගැනවත් නොසිතා වෙන්න තිබූ මහා විනාශයක් නතර කරන්න නිර්භීතව ඉදිරිපත් වූ ඔවුන් වෙනුවෙන් පොලිසියෙන් තැබූ සටහන මෙන්න.

බදුල්ල බස් නැවතුමට ආසන්න රජවීදීය පදික වේදිකාවේදී තම 53 හැවිරිදි වැඩිමහල් සොහොයුරාගෙන් මරණීය තුවාල ලැබූ 48 හැවිරිදි පුද්ගලයා මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

වේදනාවට සහ මරණයට නිතැතින්ම සිතේ ඇතිවන බිය හේතුවෙන් අවට සිටි පිරිස් තියුණු ආයුධයට ලංවීමට බිය වුවත් පුද්ගල ඝාතනයක් සිය දෑස් ඉදිරිපිට සිදුවනු දැකීම තම ජීවිතයේ අමිහිරිම අත්දැකීමක් වනු ඇති බව සිතන්නට ඇති බදුල්ල රෝහලේ ගිලන් රථ රියදුරු යාපා රශ්මික නම් තරුණයා සහ සිදුවීම වාර්තා වූ සැනින් එම ස්ථානයට පැමිණි බදුල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ යේදී සිටි 39276 පොලිස් සැරයන් නිලන්ත නිලධාරියා තම ජීවිත අවධානම නොතකා තියුණු ආයුධයෙන් වැර පහර කිහිපයක් එල්ල කරමින් සිටි සැකකරු වෙතට කඩා පැන මෙල්ල කරගැනීමට සමත්වීම සැබැවින්ම ප්‍රශංසනීය බව අවිවාදිතය.

මෙම සිදුවීමේදී පහර කා රෝහල්ගතව සිටින බාල සොහොයුරා විසින් එදිනම සවස තියුණු ආයුධයක් රැගෙනවිත් බදුල්ල නගරයේ රජවීදියෙහි පදික වේදිකාවේ වෙළඳාම් කරමින් සිටි තම වැඩිමහල් සොහොයුරා වෙත පළමුව පහරදී ඇති අතර එම අවස්ථාවේ කෝපාවිෂ්ඨ වූ පහරකෑමට ලක් වූ වැඩිමහල් සොහොයුරා තියුණු ආයුධය උඳුරාගෙන පෙරළා බාල සොහොයුරාට පහරදී තිබෙන බව සිදුකළ මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇත.

වැඩිමහල් සොහොයුරාද කැපුම් තුවාල හේතුවෙන් ප්‍රතිකාර සඳහා පොලිස් ආරක්ෂාව යටතේ බදුල්ල රෝහලට ඇතුලත් කර ඇත.

ඔවුන් දෙදෙනාම අමුණුවැල්පිටිය, බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!