ලොවම හඬවා තවත් තරුවක් නිවී යයි ! ජීවිතයෙන් සමුගත් ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය

ලොවම හඬවා තවත් තරුවක් නිවී යයි ! ජීවිතයෙන් සමුගත් ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ ඇග්නස් කෙලෙටි අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් හංගේරියාවේ හමුදා රෝහලකදී අභාවප්‍රාප්ත වූ බවද සඳහන්.

ලබන ජනවාරි 09 වැනිදා ඇයගේ 104වැනි උපන්දිනය යෙදී තිබීමත් විශේෂත්වයක්.

ඇග්නස් කෙලෙටි පළමු ඔලිම්පික් රන් පදක්කම දිනාගනු ලැබුවේ 1952 වසරේදී.

ජිම්නාස්ටික් ශූරියෙකු වූ ඇග්නස් කෙලෙටි ඔලිම්පික් රන් පදක්කම් 05ක් ඇතුළු ඔලිම්පික් පදක්කම් 10ක් දිනාගෙන තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *