Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

තෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අගමැති දිවයිනෙන් පිටත්ව යයි

නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටව ගියේය.

තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන දුම්රිය පාලමක් විවෘත කිරීමට එක්වීමට නියමිත අතර ඒ සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩුව බලා පිටත්ව ගියේය.

සිය පිටත්වීම වෙනුවෙන් සිය X ගිණුමේ සටනක් යොමු කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ තමාගේ සංචාරයේදී ලබා දුන් උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ශ්‍රී ලංකා රජයට තමන් බෙහෙවින් කෘතඥ වන බවය.

එමෙන්ම මෙම සංචාරය ජාතීන් දෙක අතර ගැඹුරු සංස්කෘතික, අධ්‍යාත්මික සහ ශිෂ්ටාචාරික සබඳතා නැවත තහවුරු කර ඇති බවත් එය නිසැකවම ද්විපාර්ශ්වික සබඳතාවලට ශක්තියක් එක් කරනු ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය පණිවිඩයේ සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!