Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
දේශීය පුවත්

5000 බඩු මල්ලක් 2500ට සතොසෙන්, තරුණයෝ 30,000කට රැකියා, අලුතින් ලක්ෂ 4කට අස්වැසුම… මාලිමා රජයෙන් ඉදිරියේදී ජනතාවට ලැබෙන සහන රැසක් මෙන්න..

රාජ්‍ය සේවයට තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් බුත්තල නගරයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

“අපි 30,000ක් බඳවා ගන්නවා හැකියාව දක්ෂතාවය තියෙන අලුත් තරුණ පරම්පරාව. දැන් සල්ලි වෙන් කරලා තියෙන්නේ. මම දැක්කා දැන් ගොඩක් පත්තරවල දැන්වීම් යනවා. ඇප්ලිකේෂන් දාන්න අපි රස්සා දෙන්නම්.

ඒ වගේම අස්වැසුම නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ ගොල්ලන්ට ලැබිය යුතුයි හැබැයි ලැබෙන්නේ නෑ. අපි ඇප්ලිකේෂන් කැඳවලා තියෙනවා. දැන් තෝරා ගැනීමේ මණ්ඩල හරහා තෝරාගෙන ජුනි මාසයේදී පවුල් ලක්ෂ 4කට අලුත්නි අස්වැසුම ලබා දීමට කටයුතු කරනවා.

ඒ වගේම ඉන්නවා ජන ප්‍රජාවක් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් වෙලා තියෙනවා, විශ්‍රාමිකයින්ට වැටුප් වැඩිවෙලා තියෙනවා, අස්වැසුම වැඩිවෙලා තියෙනවා මේ මොකවත් නැති කණ්ඩායමක් ඉන්නවා ලක්ෂ 8ක් විතර. ඒ ජනතාවට රුපියල් 5000ක ආහාර මල්ලක් රුපියල් 2500ට සතොසෙන් ලබා දෙනවා.”

Ada Derana

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!