සිසූවාගේ සහ ගුරුවරියන්ගේ අසභ්‍ය දර්ශන ළඟ තබා ගත් සියලුදෙනාට වැඩ වරදියි.? – නීතිය මෙන්න..!

දිවයිනේ ප්රමුඛ පෙළේ පිරිමි පාසලක සිදුවූ බව කියන මෙම සිදුවීමක් සම්බන්ධයෙන් අද උදෑසන සිට සමාජ ජාලා වල විශාල වශයෙන් කතා බහට ලක්වෙනවා. සමස්ත අධ්‍යාපන පද්ධතියේම මෙන්ම සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති අතිශය අවාසනාවන්ත තත්ත්වයකි. පාසලක විනය හා ගරුත්වය ආරක්ෂා කිරීමට බැඳී සිටින ඉහළම ශිෂ්‍ය නායකයා සහ වගකිවයුතු ගුරුවරියන් පිරිසක් සම්බන්ධ මෙම පුවත, ගුරු-සිසු සබඳතාවල පවත්නා සදාචාරාත්මක සීමාවන් බිඳවැටීම පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කරයි. විශේෂයෙන්ම තාක්ෂණය අවභාවිත කරමින් පෞද්ගලික දර්ශන පටිගත කිරීම සහ ඒවා සමාජගත වීම හරහා පුද්ගල පෞද්ගලිකත්වයට මෙන්ම අදාළ පාසලේ කීර්තිනාමයට ද සිදුවී ඇති හානිය සුළුපටු නොවේ. මෙම සිද්ධියට අදාළව දැනටමත් ශිෂ්‍ය නායක මඩුල්ල විසුරුවා හැරීමටත්, අදාළ ගුරුවරියන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගැනීමටත් බලධාරීන් කටයුතු කිරීම කාලෝචිත පියවරකි. මූල්‍යමය වාසි හෝ වෙනත් පටු අරමුණු වෙනුවෙන් ගුරු වෘත්තියේ ගෞරවය කෙළෙසන මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දීම අත්‍යවශ්‍ය වේ. පාසල් පරිශ්‍රය තුළ සදාචාරය සහ විනය සුරැකීමටත්, මින් ඉදිරියට මෙවැනි සමාජ විරෝධී ක්‍රියා වැළැක්වීමටත් බලධාරීන් මීට වඩා අවධානයෙන් කටයුතු කළ යුතු බව මෙමගින් මනාව පැහැදිලි වෙයි.
එමෙන්ම සමාජ ජාලා පරිශීලකයන් හැටියට මේ අවස්ථාවේදි අපගේ වගකීම වන්නේ ඒවා තලු මර මර රස විඳීම නොව මෙම ගින් ඉදිරියේදී සිදුවීමට නියමිත සමජීය පරිහානිය නතර කර ගැනීමට ඔබ මම වගකීමෙන් ක්‍රියා කිරීමයි.
විශේෂයෙන්ම මේ පිළිබඳව අසභ්‍ය දර්ශන පිළිබඳ නීතිය දැන ගැනීම වඩා වැදගත් වෙයි.
අසභ්‍ය දර්ශන පිළිබඳ නීතිය
මෙම මාතෘකාව සම්බන්ධව සාකච්ඡා කිරීමේදී ප්‍රධාන ලෙසම නීතියෙන් තහනම් කර ඇති අසභ්‍ය දර්ශන වර්ගය වනුයේ ළමයින්ට අදාලව කරනු ලබන අසභ්‍ය පලකිරීම් ප්‍රදර්ශන ආදියයි. එහිදී, ඒ සඳහා ළමයා පොලඹවනු ලබන හෝ බල කරනු ලබන තැනැත්තන් මෙන්ම එබඳු යම් ඡායාරූපයක් හෝ චිත්‍රපටයක්,
රූපගත කරන
විකුණන
බෙදාහරින
වෙනත් ආකාරයකින් පළ කරන හෝ
තම සන්තකයෙහි තබාගන්නා
තැනැත්තන්ට නීතියෙන් දැඩි දඬුවම් හිමිවේ.
මෙහිදී දෙමව්පියන්ගෙන් කෙනෙකුව හෝ භාරකාරත්වය දරණ යම් තැනැත්තෙකුව සිටිමින් අසභ්‍ය දර්ශන සඳහා දරුවා යොමු කරන තැනැත්තන්ට ද නීතියෙන් සහනයක් හිමි නොවේ. ඒ අනුව ළමයෙකු හෙවත් අවුරුදු 18 ට අඩු තැනැත්තෙකුගේ කුමන හෝ සභ්‍ය දර්ශනයක් සන්තකයෙහි තබා ගැනීම පවා දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි.
එවිට වැඩිහිටි තැනැත්තන් දෙදෙනකු අතර ලිංගික ක්‍රියාවක් හෝ වෙනත් එබඳු නිරුවත් දර්ශනවලට,
පෙනී සිටීම
පෙළඹවීම හෝ බලෙන් ලබා ගැනීම
රූපගත කිරීම සහ සංස්කරණය කිරීම
විකිණීම හෝ බෙදා හැරීම
සන්තකයෙහි තබා ගැනීම
අන්තර්ජාලය ඔස්සේ නැරඹීම
නීතිය මගින් වාරණය කර ඇත්දැයි විමසා බලමු.
මේ සම්බන්ධයෙන් බලාත්මක වන නීතිමය ප්‍රතිපාදන වන්නේ
ලංකා දණ්ඩ නීති සංග්‍රහය 285,286, 286(අ)
1927 අංක 04 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත සහ
අයාල ආඥා පනත – 4 (ඇ) වගන්තියෙහි විස්තර වේ.
මෙහිදී සැලකිය යුතු කාරණයක් වන්නේ ඉහත කිසිදු ප්රතිපාදනයක අසභ්‍ය ප්‍රකාශන යන්න පැහැදිලිව අර්ථ නිරූපනය කර නොමැති බවයි. කෙසේ වුවද අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත යටතේ,
“අ. වෙළඳාම පිණිස හෝ වෙළඳාමක් වශයෙන් හෝ බෙදා හැරීම සඳහා හෝ මහජන ප්‍රදර්ශන සඳහා හෝ දක්වා ඇති හෝ දක්වා නොමැති කාර්ය සඳහා හෝ අසභ්‍ය ලියවිලි, චිත්‍ර, මුද්‍රිත ඡායාරූප, සිතුවම්, මුද්‍රිත ද්‍රව්‍ය, පින්තූර, විශාල දැන්වීම්,ලාංඡන, ඡායාරූප, සිනමාපටි,රූපවාහිනී කැසට්පට හෝ වෙන යම් අසභ්‍ය දේ සෑදීම, නිෂ්පාදනය කිරීම හෝ තමා සන්තකයේ තබා ගැනීම,
ආ. ඉහත කී කාර්ය සඳහා එකි අසභ්‍ය ද්‍රව්‍ය හෝ දේ අතුරින් කිසිවක් ආනයනය කිරීම, ගෙනයාම හෝ අපනයනය කිරීම හෝ ඒවා ආනයනය කිරීමට,ගෙන යාමට හෝ අපනයනය කිරීමට සැලැස්වීම හෝ කවර ලෙසකින් හෝ ඒවා සංසරණයට පත් කිරීම,
ඇ. එකී අසභ්‍ය ද්‍රව්‍ය හෝ දේ අතුරින් කිසිවක් හා සම්බන්ධ පොදු වූ හෝ පෞද්ගලික වූ හෝ ව්‍යාපාරයක් කර ගෙන යාම හෝ ඊට සහභාගි වීම නැතහොත් කවර ලෙසකින් හෝ එකී ද්‍රව්‍ය හෝ දේ පිළිබඳව කටයුතු කිරීම හෝ ඒවා බෙදා හැරීම හෝ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම හෝ ඒවා අතමාරුවට දීමේ ව්‍යාපාරයක් කිරීම,
ඈ. එකී දඬුවම් කළහැකි සංසරණය හෝ වෙළඳාම සඳහා ආධාර කිරීමේ අදහස ඇතිව දඬුවම් කළහැකි ඉහත කී ක්‍රියාවන්ගෙන් යම් ක්‍රියාවක් හෝ යම් තැනැත්තෙකු යෙදී සිටින බව කවර ලෙසකින් හෝ ප්‍රචාරය කිරීම හෝ දැනුම් දීම හෝ ඉහත කී අසභ්‍ය ද්‍රව්‍ය හෝ දේ කෙලින්ම හෝ වක්‍රාකාරයෙන් සම්පාදනය කිරීම සහ..,” ඉහත වැරදි සඳහා ආධාර දීම එම පනත යටතේ වරදක් බවට පත් කරයි.
ඒ අනුව පෙනී යන්නේ එබඳු අසභ්‍ය ප්‍රකාශන නිර්මාණය කොට බෙදාහැරීමේ හෝ විකිනීමේ පරමාර්ථයෙන් සන්තකයේ තබා ගැනීම හැරුණු කොට ගෙන හුදෙක් සන්තකයේ තබා ගැනීම වරදක් බවට පත් නොකරන බවයි. එසේම දණ්ඩ නීති සංග්‍රහය සහ අයාල ආඥා පනතට අනුව ද හුදු සන්තකයේ තබා ගැනීම වරදක් නොවේ. හුදු සන්තකයේ තබා ගැනීම යනු විකිණීම බෙදාහැරීම නිර්මාණය කිරීම වැනි ක්‍රියාවකට සම්බන්ධ නොවන ආකාරයෙන් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා තබා ගැනීමයි. එසේ වුවද යම් හෙයකින් එබඳු අසභ්‍ය ප්රකාශනයක් බෙදාහැරීමට සම්බන්ධ වී තිබේ නම් නීතිමය වශයෙන් ගැටලු ඇති විය හැකි බව සිහි තබාගත යුතුය.




