දේශීය පුවත්

බැසිල් අ‍ම­රි­කාවේ රස්සා­වක් කළේ නැහැනේ…. අල්ලනවා නම් එයයි හොරා – CID ආ විමල් පාවාදෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සතු අමෙරිකානු දේපළ පිළිබඳව පැය 02ක පමණ ප්‍රකාශයක් ලබා දී තිබේ.

වීරවංශ මහතා පෙර පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සිදුකළ ප්‍රකාශයකට අදාළව මෙම ප්‍රකාශය ලබාගත් බව සඳහන් කළේය. නීතිඥ උදය ගම්මන්පිල මහතාද මෙම ප්‍රකාශය සටහන් කිරීමේදී සහභාගී වී ඇති අතර, ඔවුන් සතුව තිබූ ඇතැම් ලිඛිත තොරතුරුද පොලිස් නිලධාරීන්ට භාර දී ඇත.

වීරවංශ මහතා වැඩිදුරටත් පැවසූ පරිදි, බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ රැකියාවක් නොකළද, ඔහු සතුව එරට විශාල ධනයක් ඇති බව ලබාදුන් ලේඛන මගින් පෙන්වා දී ඇත. මෙම දේපළ බැසිල් රාජපක්ෂගේ දුව, බිරිඳ, පුතා සහ බෑනන්ගේ නම්වලින් ලියාපදිංචි කර ඇති බවට තොරතුරු ඇතැයි ප්‍රකාශ කර සිටියේය.

“අපි භාර­දුන්න ලිපි­ ලේ­ඛන අනුව නම් අසා­මාන්‍ය ධන­යක්, මම හිතන්නේ සම්පූර්ණ ධන­ය­ නම් වෙන්න බැහැ. ඒ ප්‍රමා­ණ­යත් විශාල ධන­යක් කියන්න පුළුවන්. බැසිල් රාජ­පක්ෂ අ‍ම­රි­කාවේ රස්සා­වක් කළේ නැහැනේ. ලංකාවේ කරපු රස්සා­වෙන් හම්බ කරපු දේවල් වලින්නේ ඇම­රි­කාවේ තියෙන දේපළ තියෙ­න­වා­ නම් තියෙන්නේ එයාගේ දුවගෙ නමින්, එයාගේ බිරි­ඳගෙ නමින්, එයාගෙ නමින්, එයාගේ පුතාගෙ නමින්, එයා­ලගෙ බෑන­ලාගේ නමින් තියෙන ඒවා මේකෙ නැහැ…. ”

“බොරුවට හොරු අල්ලනවා කියලා හාල්මැස්සන් උස්සනවා වෙනුවට, නියම හොරු අල්ලන්න ඕනෑ නම් අමෙරිකා එක්සත් ජනපදයේ බැසිල් රාජපක්ෂගේ දේපළ ටික හරියට හොයලා ගත්තොත් හොරා කවුද කියලා ලංකාවටම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්….” යැයි වීරවංශ මහතා අවධාරණය කළේය.

මෙම ප්‍රකාශය මූලික වශයෙන් මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පමණක් සිදු කළ බවත්, තවත් දන්නා තොරතුරු ඇති බවත්, පරීක්ෂණ සාධාරණව සිදුවන්නේ නම් ඉදිරියේදී ඒවාද හෙළිදරව් කිරීමට සූදානම් බවත් ඔහු පවසා සිටියේය.

Gossip Lanka News

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!