Uncategorized

එක රැයෙන් අහිංසක පුංචි පුතාට පිහිට වූ දෙවියා… රටක් ආදරේ කරන ගායන ශිල්පී මනේජ්ගේ මනුස්සකම

ජනප්‍රිය ගායක මනේජ් සංජය අලුත් අවුරුද්දේ කාගෙනුත් උදව්වක් ඉල්ලලා තිබුණා. ඒ, පුංචි දරුවෙකුගේ ජීවිතයක් වෙනුවෙන්.

මේ මාසේ අවසානයට කලින්, දරුවගෙ ජීවිතය බේරගන්න ඉන්දියාවට අරන් යන්නයි මනේජ් මේ විදියට දායකත්වය දක්වන හැටියට ඉල්ලා තිබුණෙ.

ඔන්න ඉතින් එක රැ‍යක් තුළ අවශ්‍ය සියලුම මුදල් ඒ වෙනුවෙන් ලැබිලා. ඒ ගැන මනේජ් තබා තිබූ සටහනයි මේ….

”පුන්චි පුතාට අවශ්‍ය සියලු මුදල් එක රැයකින් ලැබී හමාරයි
තවත් මුදල් යොදවන්න එපා

ඒ වගේම මේ වීඩියෝ එක හෝ මම කලින් දරුවෝ වෙනුවෙන් කළ කිසිම වීඩියෝ එකක් මේ verify කරපු Blue tik එක තියන පේජ් එකෙන් හැර වෙන කිසිම පේජ් එකකින් හෝ මගේ නමින් තියන වෙන මොනම ෆේස්බුක් ප්‍රොෆයිල් එකකින් හෝ තියනවා දැක්කොත් මුදල් යොමු කරන්නම එපා
ඒවා scam
අහුවෙන්න නම් එපා

ආදරණීය කාරුණික හදවත් ඇති ඔයාලා හැමෝටම, රුපියලක් හරි යොදවපු ඔයාලා හැමෝටම, ශෙයා කරපු ඔයාලා හැමෝටම ගොඩක් පිං

අවසාන වශයෙන් කියන්න කැමතියි..
අවුරුද්දක් නොනිදපු අම්මෙකුගෙයි තාත්තෙකුගෙයි ඇස් වලට සතුටු කඳුළු එන්න ඇත්තේ අද
එයාලා පුලුවන් ඉක්මනට පුන්චි පුතා අරන් ඉන්දියාවට ඉගිල්ලෙයි
ඉක්මනට සැත්කම කරලා පුන්චි පුතා හිනාවෙන්ම අරගෙන එයි
එයා අපහසුවෙන් නැතුව ආදරෙන් හිනාවෙන දවස අත ළඟයි
ඉතින් ඔයාලා හැමෝටම අනේකවාරයක් පිං
මෙතෙක් අවුරුදු ගානක් අපි පුලුවන් විදියට ජීවිත විශාල ප්‍රමාණයට හුස්ම දුන්නා
ඒ පින මෙතෙකැයි කියා නිමකරන්න බෑ
මා එක්ක එකතු වෙලා ඒ දරුවන්ට හුස්ම දීපු ඔයාලට ආයෙමත් ආයෙමත් ආයෙමත් පිං
අදින් මටත් එයින් සමුගන්න අවසරයි
දරුවගේ ඉතිරි වැඩ කටයුතු වලදි මම ඔයාලව අප්ඩේට් කරන්නම්”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!