දේශීය පුවත්

“බය වෙන්න එපා.කොහොම හරි අපි උස්සගෙන යමු.. ” පාසල් මිදුලේදී මට හමු වූ ඒ උදාර සහෝදරත්වය. මේක නම් බලන්නම ඕන කතාවක්.

මහ සෙනඟකට රොක් වෙන්න බැරි, පටු මාවත් තියෙන තැන්වල පවා ඒ කෙල්ලෝ ටික එකතු වෙනවා.

ඒ අතරේ ඉන්න එකම එක යෙහෙළියක් වෙනුවෙන් ඔවුන් කරන ඒ කැපකිරීම වචනවලට පෙරළන්න බැරි තරම්. ඇයව තනි නොකර, ඇයව ඔසවාගෙන යන්නට තනන ඒ දෑත්වල තියෙන්නේ පුදුමාකාර සෙනෙහසක්.

අනිත් පැත්තෙන් කොල්ලෝ රැල… ඒ ටිකත් එක පොදියට රොක් වෙනවා. “බය වෙන්න එපා බ.. කොහොම හරි අපි උස්සගෙන යමු.. අපිත් ඉන්නවා ” කියලා ඒ දෙන හයිය, ලෝකයේ තියෙන ඕනෑම මිල අධික බෙහෙතකට වඩා වටිනවා. තමන්ගේ රැළේ කෙනෙක් මඟ හැරෙන්නට ඉඩ දෙන්නේ නැහැ. “යමු කොහොම හරි..” කියමින් මුලින්ම උරහිස දෙන්නෙත්, හයියට තල්ලුවක් දෙන්නෙත් ඒ හිතමිතුරන්මයි.

තමන්ගේම ලෝකයක අතරමං නොවී, රංචුවේ එකෙක් වෙනුවෙන් දහඩිය හලන අපේ ඒ පොඩි වීරයෝ… ඇත්තටම මේවා තමයි මේ විශ්වයේ අපේ පාසල් මිදුලවල් ඇතුළේ දිනපතා තිරගත වෙන සුන්දරම කෙටි චිත්‍රපට.

පන්තියක උගන්වන වෙලාවක වුණත්, නැත්නම් වෙනත් බරපතළ වැඩක් අස්සේ වුණත්, ජනේලයෙන් එපිට පෙනෙන මෙවැනි දසුනක් ගාව හිත නතර වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!