ක්‍රීඩා පුවත්

පිටිය මැදදී සමුගත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන ඇසෙන සංවේදී කතාවක් මෙන්න…

කියන්න යන්නේ තවත් එක් සංවේදී මරණයක් ගැන ඇසෙන කතාවක්..

පාකිස්ථාන සම්භවයක් ඇති ක්‍රිකට් ක්‍රීඩක ජුනයිඩ් සෆාර් ඛාන් ඕස්ට්‍රේලියාවේ පැවති ක්‍රිකට් සමාජ තරගයක් අතරතුර පිටියේදී ඇද වැටීමෙන් මිය ගොස් තිබෙනවා..

අධික උෂ්ණත්වය යටතේ පැවති තරගයක් අතරතුරයි ඔහු මෙසේ බිම ඇද වැටීමෙන් මිය ගොස් ඇත්තේ..

මියයන විට ඔහු 40 හැවිරිදි වියේ පසුවුණා..

ඕවර 40ක් සඳහා පන්දු රැකීමෙන් සහ ඕවර හතක් පුරා පන්දුවට පහර දීමෙන් පසු, ඛාන් ඔස්ට්‍රේලියානු වේලාවෙන් සවස 4ට පමණ ඇද වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ…

දකුණු ඔස්ට්‍රේලියාව අධික උෂ්ණත්වයේ ග්‍රහණයට ලක්ව ඇති අතර කාලගුණ විද්‍යා කාර්යාංශයේ දත්තවලට සඳහන් කර ඇත්තේ, ඒ වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වඩා වැඩි වූ බවයි.

Adelaide Turf Cricket සංගමයේ නීතිරීතිවලට අනුව උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ට වඩා ඉහළ ගියහොත් ක්‍රීඩා අවලංගු කළ හැකියි.

එමෙන්ම තොරතුරු තාක්ෂණ සම්බන්ධ රැකියාවක් කිරීම සඳහා ඔහු 2013 දී පාකිස්ථානයේ සිට ඇඩිලේඩ් වෙත සංක්‍රමණය වූ බවටයි වාර්තා සඳහන් කරන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!