තරු ගොසිප්

සුබ උපන්දිනයක් කියන හැමෝටම අයි ෆෝන් බෙදන දිනක්ෂි ගැන ඇසෙන මේ පුවතේ ඇත්ත නැත්ත මෙන්න.

ජනප්‍රිය තරු නමින් හැදෙන ව්‍යාජ සමාජ මාධ්‍ය වේදිකාවන් දැන් දැන් හරි සුලබ කාරණයක් වෙලා.

ඒවා ව්‍යාජ බව පෙනි පෙනිත් ඊට රැවටෙන පිරිස් නැතුවාමත් නෙවෙයි.

අවාසනාවන්ත කාරණය තමයි, එවන් ව්‍යාජ ගිණුම්වලට රැවටිලා තමන් සතු මුදල් පවා අහිමි වන තත්ත්ව වාර්තා වීම.

තමන් නමින් ව්‍යාජ සමාජ මාධ්‍ය වේදිකාවන් ක්‍රියාත්මක වනවා නම්, ඒ ගැන දැනුවත් කිරීමක් කරන්නත් ජනප්‍රිය කලා තරු කටයුතු කරන අන්දම අපේ ඇස ගැටෙනවා.

එවන් දැනුවත් කිරීමේ සටහනක් ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද්ගේ ෆේස්බුක් පිටුවෙත් පළවෙලා තිබුණා.

ඒ,
”හැමෝටම ආයුබෝවන් මේ අවුරුද්දේ මගේ උපන්දිනය සමරන්න,
2025 මැයි 04 වෙනිදාට පෙර මගේ පිටුවේ “සුභ උපන්දිනයක්” කියන හැමෝටම මම iPhone එකක් සහ රු. 350,000 ක් දෙනවා” යනුවෙන් ‘ ‘ ලෙස පවත්වාගෙන යන ව්‍යාජ ෆේස්බුක් ගිණුමකින් පළකර තිබූ සටහනකට ප්‍රතිචාර හැටියට.

”මේ වගේ බොරු page වලට අහුවෙලා අමාරුවේ වැටෙන්න එපා..”
ඊට දිනක්ෂි දක්වලා තිබුණෙ, එවන් ප්‍රතිචාරයක්….

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!