කතාන්දර

සමවයස් වූ මව හා පුතු ගේ ඔබ නොදත් කතාව මෙන්න…

සමවයස් වූ මව හා පුතු
අභීත දියණිය කතාමාලාවේ පෙන්වූ ඔක්ජෝන් බිසවගේත් ඉන්හයෝන් අඟ බිසවගේත් මරණයන් සිදු වූයේ එකම වසරකදීය. ඔවුන් දෙදෙනාගේම මරණයෙන් පසුව සුක්ජෝන් රජුගේ අගබිසව බවට පත් වූයේ ඉන්වොන් අගබිසවයි. ඉන්වොන් අගබිසව ඔක්ජෝන් බිසවගේ පුත්රයාටත් දොංඊ බිසවගේ පුත්රයාගේත් භාරකාර මව වශයෙන් ඔවුන් දෙදෙනාම තම දරුවන් මෙන් හදාගත්තා ය.
නමුත් ඔබ දන්නවාද ඉන්වොන් අගබිසවගේත් ඔක්ජෝන් බිසවගේ පුත්රයා වූ ග්යොංජොන් රජුගේත් වයස් පරතරය ඒක අවුරුද්දක් පමණක් බව ?
එනම් 41 වියැති සුක්ජෝන් රජතුමා ඉන්වොන් අගබිසවව විවාහ කරගත්තේ ඇයට වයස අවුරුදු 15දී පමණය. සුක්ජෝන් රජුගේත් ඉන්වොන් අගබිසවගේත් වයස් පරතරය අවුරුදු 26ක් පමණ විය.
1687 දී ඉපිද වයස අවුරුදු 15දී විවාහ වූ ඉන්වොන් හට ඒ වනවිට වයස අවුරුදු 14ක් වූ ඔක්ජෝන් බිසවගේ පුත්රයාගේ මව වන්නට සිදු විය. ඔක්ජෝන් බිසවගේ පුත්රයා වූ ග්යොංජොන් රජුගේ උපත සිදු වූයේ 1688 දීය. මව හා පුත්රයා වුවද ඔවුන්ගේ වයස් පරතරය එක් අවුරුද්දක් පමණි.
එමෙන්ම ඉන්වොන් අගබිසවගේ හා දොංඊ බිසවගේ පුත්රයා වූ යෙවොනින් කුමරුගේ වයස් පරතරය අවුරුදු 7ක් පමණි. තමාට වඩා එක් වසරක් බාල හා වසර 7ක් බාලා පුතුන් දෙන්නෙක් හට මවක් වන්නට ඉන්වොන් අගබිසවට සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!