Uncategorized

වැඩි වෙනවාට වඩා අඩු වෙන එකේ අවදානම නම් හුගාක් වැඩියි. සීනි අඩුකරගන්න තෙබු කොළ කන්න කලින් මේ ගැනත් දෙපාරක් හිතන්න…

දියවැඩියාව කියන්නේ අද වෙනකොට සුලබ රෝගයක්.. ඒ නිසාම ඇතමෙක් ඒ ගැන අවදානයෙන් පසුවෙනවා..

ඒත් සමහරු එහෙම නැහැ.. ආහරපානවලින් පාලනය කරගෙන තෙබු කොළ ආහාරයට ගත්තාම දියවැඩියාව හොඳ වෙනවා කියලා අහලා තියනවා නේ.. ඒත් තෙබු කොළ වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් දියවැඩියාව එකවර සම්පූර්ණයෙන් සුවකරගත හැකිවේවිද..?

දියවැඩියාව සම්පූර්ණයෙන් සුවකර ගැනීමට තෙබු කොළ කීයක් ආහාරයට ගත යුතුද..? මේ වගේ දේවල් ඔබටත් හිතෙනවා ඇති.. ඒත් තෙබුකොළ ආහාරයට එක්කරගැනීම ඇත්තටම සුදුසුද..? ඒ ගැන ඇසෙන්නේ මෙන්න මෙහෙම කතාවක්..

කොහොම වුණත් දියවැඩියාව පාලනය කරගන්න කියලා හිතාගෙන නම් තෙබුකොළ කන එක සම්පූර්ණයෙන් වැරුදි මතයක්.. තෙබු කොළ කෑවාම දියවැඩියාව සුවවෙනවා නම් දියවැඩියා රෝගයට දෙන ඖෂධ කිලෝවක් පමණ බිව්වොත් එය සුව වෙනවාදැයි අසන්නත් පුළුවන්… කොහොම වුණත්, බටහිර ඖෂධ ගන්න ගමන් මෙවැනි ආහාර ගැනීමෙන් අනිසි විදිහට සීනි මට්ටම පහළ ‍යන්නට හේතුවක් වෙන්න පුළුවන්..

අපේ ශරීරයේ සීනි මට්ටම ප්‍රශස්ත මට්ටමක තිබිය යුතුයි… සීනි ඕනෑවට වඩා අඩුවීම හොඳ නෑ.. සීනි මට්ටම අඩුම වුවහොත් මොළයට යන ග්ලූකෝස් මට්ටම පහළ වැටී සිහිය නොමැති වීමට හැකියි… එයින් මොළයට හානි විය හැකියි…

රුධිර සීනි මට්ටම ඉහළ යාමට වඩා පහළ යාම දරුණුයි.. ඒ නිසා මෙවැනි කොළ වර්ග ආහාරයට ගැනීම ඇත්තෙන්ම අනතුරුදායකයි.. තෙබු කොළ පහකින් දහයකින් පහළ වැටෙන සීනි මට්ටම ගැන අපි දන්නේ නෑ…

බටහිර ඖෂධවල නම් පෙත්තකින් අඩුවන ප්‍රමාණය අපි දන්නවා… ඒ නිසා රුධිරයේ සීනි ප්‍රමාණය මැන බලා ඒ අනුව බෙහෙත් නියම කිරීමයි නිවැරුදි ක්‍රමය වෙනවා… එහෙයින් විවිධ කොළ වර්ග ආහාරයට නොගෙන වෛද්‍ය උපදෙස් පැතීම මෙහිදී වඩා වැදගත් වෙනවා…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!