Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
ක්‍රීඩා පුවත්දේශීය පුවත්

රටම හොයන ඉෂාරා ඉන්නේ ඉන්දියාවේද ? පොලිසිය ස්ථානය 200ක් සෝදිසි කරලා… අලුත්ම ආරංචිය මෙන්න…

කොළඹ අලුත් කඩේ අධිකරණ ශාලාව තුළදී ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම මෙරට එය මෙහෙය වූ මළ මොලකාරී ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව බෝට්ටුවකින් මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලායන්නට ඇති බවට සැක පළ වී තිබේ.

එම කාන්තාව සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත ස්ථාන දෙසීයකට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් පරීක්‍ෂා කළ ද ඇය පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගැනීමට හැකියාව ලැබී නැත.

ජංගම දුරකථන භාවිතය ද ඇය නතර කර ඇති නිසා ඇය පිළිබඳව හෝඩුවාවක් සොයාගැනීමට පොලිසියට අපහසුවී තිබේ.

දකුණු පළාතේ මුහුදු තීරය ඔස්සේ ඇය මෙරටින් පලායනට ඇති බවට විශාල සැකයක් මේ වන විට ඇතිව තිබෙන බවද වාර්තා වෙයි.

මෙම තත්ත්වය මත ඇය සම්බන්ධයෙන් සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශ සමග හුවමාරු කරගැනීමටද පොලිසිය කටයුතු කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!