ඇගේ සමු ගැනීමට ඇත්තටම හේතුව තරු කුමරාද ? කොරියන් ෆෑන්ස්ලට මෙන්න අභිරහස් කතාවක්….

ඇගේ සමු ගැනීමට ඇත්තටම හේතුව තරු කුමරාද ? කොරියන් ෆෑන්ස්ලට මෙන්න අභිරහස් කතාවක්….

ලංකාවේ K fans නොදන්න කෙනෙක් නෙවේනේ තරු කුමරා. Kim Soo Hyun ගැන තමා මේ කියන්නේ. එයා ඉතින් ප්‍රසිද්ධ කොරියන් නළුවෙක්. දකුණු කොරියාවේ ඉහලම ආදායම් ලබන නළුවෙක් වගේම සම්මාන ගොන්නක් හිමිකරගෙන මිලියන 21ක අනුගාමීන් පිරිසක් ඉන්න ඉන්ස්ටා ගිණුමක් අත්පත් කරගන්න ඔහුගේ විශිෂ්ට රංගන පෞරුෂය තමයි මූලික හේතුව.

කවුද මේ ඇය? ඇය තමා Kim Sae Ron. 24 හැවිරිදි ඇය 2025 පෙබරවාරි 16 වන දින තමන්ගේ නිවස තුළදීම සිය දිවි තොරකරගන්නවා. ඔබ Kdrama fan කෙනෙක් නම් Sae Roniya ගැන නොදැන ඉන්න විදියක් නෑනේ.

ඉතින් Kim Sae Ron කොහොමද Kim Soo Hyunට සම්බන්ධ වෙන්නේ?

සෝල් පොලිසියේ තෙරතුරුවලට අනුව Kim Sae Ron මියගිහින් තියෙන්නේ සියදිවි හානිකරගැනීමෙන් වන අතර එය මිනීමැරුමක් නෙවේ. Kim Sae Ron මියයන්නේ Kim Soo Hyunගේ උපන්දිනයේ වන අතර ඔවුන් අතර වසර 6 ක් තිස්සේ තිබූ ආදර සම්බන්ධතාවයක සාක්ෂි කරලියට පැමිණියේ ඉන් අනතුරුව. ඒ අතර Kim Soo Hyun විසින් Kim Sae Ronගේ කම්මුල මත හාද්දක් තබන ඡායාරූපයක්, ඔවුන්ගේ සමීප ඡායාරූප, Kim Soo Hyun හමුදාවේ සිටින කාලය තුළ Kim Sae Ronට ආදරය කරන බව දන්වා ලියූ ලිපියක්, අවසානයේ Kim Sae Ron විසින් Kim Soo Hyunට යැවූ පණිවිඩයක් වෙනවා.

ඇත්තටම ඇයි Kim Sae Ron සිය දිවි නසාගන්නේ?

දකුණු කොරියානු තරුවල භාරකාරිත්වය දරන්නේ කුමන හෝ Entertainment Agencyක්. නම් දැරූ එවැනි ආයතනයක් වන YG Entertainment තමයි Kim Sae Ronගේ භාරකරත්වය 2019 වෙනකන් දැරුවේ. ඊටපස්සේ එයා එකපාරටම Kim Soo Hyun සම අයිතිය දරන Gold medalist ආයතනයත් සමඟ ගිවිසුම් අත්සන් කරනවා. හැබැයි 2022 මැයිවල එයා DUI (Driving under the influence) scandal එකට අහුවෙනවා. ඒ කියන්නේ පාරේ තියෙන දේවල්වල වද්දගෙන වාහනේ එලවන් යන එක. ඒකට වන්දියක් විදියට ගෙවන්න තිබ්බ $483,000 ගෙවන්නේ Sae Ronගේ ආයතනය වෙන Gold medalist. ඒ මුදල ආයේ ඕනෙත් නෑ කියලා සැම සතුටින් ඉන්න වෙලාවේ තමා Kim Sae Ronගේ Gold medalist එක්ක තිබ්බ ගිවිසුම කල් ඉකුත් වෙන්නේ. ඊටපස්සේ තමා සේරම උඩු යටිකුරු වෙන්නේ. ඒ අතර තමා Kim Soo Hyunගේ ‘Queen of tears’ තිරගත වෙන්නේ.

Garosero Research Institute මඟින් උඩුගත කරපු Kim Sae Ron ගැන වීඩියෝවක ඇය දිවිතොර කරගැනීමට හේතුව විදියට දක්වලා තියෙන්නේ DUI incident එකේ ආපහු එපා කියලා ගෙවපු වන්දිය Gold Metalist විසින් ආපහු ගෙවන්න කියලා බලකරපු නිසා ඇතිවුන පීඩනය කියලයි.

දැනට යාවත්කාලීන වී ඇති සිද්ධියේ වගතුග

Kim Soo Hyun විසින් Kim Sae Ron සමඟ ආදර සම්බන්ධයක් පැවැත් වූ බව පිළිගැනීම
Garosero විසින් පලකළ වීඩියෝවේ සඳහන් පරිදි ඔවුන් වසර 6 ක් (2015-2021) තම ආදර සම්බන්ධතාවය පවත්වා ගෙන ගිය බව Kim Soo Hyun විසින් බැහැර කිරීම. 2015 දී Kim Sae Ronගේ වයස අවුරුදු 15කි. ඔහු පවසන්නේ Kim Sae Ron වැඩිහිටි වියට එනම් 18 පසු වූ පසු 2019 සිට 2020 දක්වා ඔවුන්ගේ ආදර සම්බන්ධය තිබූ බවයි
Kim Soo Hyun විසින් හමුදාවේ සිටින කල Kim Sae Ronට ලියූ ලියුම සත්‍ය වන අතර එය Soo Hyun විසින් Sae Ronට පමණක් නොව ඔහුගේ කිට්ටු මිතුරන් සියළු දෙනාටම යවන ලැබූ බව පැවසීම
මෙම සිද්ධියෙන් පසු රටේ මෙන්ම ලෝකයේ රසික ප්‍රජාව හා ප්‍රතිරසික ප්‍රජාවගෙන් ලැබූ දෝෂාරෝපණය නිසා Kim Soo Hyun මානසිකව ඇද වැටීමට ලක් වී තිබීම
ඔහුගේ නියෝජන කළ වෙළඳ සන්නාම 18න් 11ක්ම ඔහුව ගිවිසුම්වලින් ඉවත්කර තිබීම (ඒ සන්නාම වන්නේ Eider, Homeplus, Classy, Shinhan Financial Group, Shinhan Bank, Shabu All Day, Dinto, All Days, Jo Malone London, Cuckoo, Prada)
Kim Soo Hyun එකවරක්වත් Kim Sae Ronගෙන් හෝ ඇයගේ පවුලේ අයගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා නොතිබීම දේශීය හා විදේශීය රසික ප්‍රජාවගේ දැඩි දෝෂරෝපණයට ලක්වීම

“Oppa, මේ Sae Ron. මට අද ලැබුනා ඔයාගේ ආයතනය මට විරුද්ධව නඩුමඟට යනවා කියන ලිපියක්. ඔයාට මේක මේ තරම් දුරට අරන් යන්න ඕනද? කරුණාකර මාව බේරගන්න…. මම ඔයාගෙන් ඉල්ලා සිටිනවා. මට ටික කාලයක් දෙන්න.”
Kim Sae Ronගේ අන්තිම පණිවිඩය මෙයයැයි Kim Soo Hyun කිසිදා නෙසිතෙන්නට ඇති.

ඡායාරූප එකතුව:

1️⃣ , 2️⃣ & 3️⃣- Kim Soo Hyun සහ Kim Sae Ronගේ මරණෙන් පසු නිකුත් වූ ජායාරූප
4️⃣ – හමුදාවේ සිටින කාලය තුළ Kim Soo Hyun විසින් Kim Sae Ronට ලියූ ලිපිය
5️⃣ – Kim Sae Ron විසින් Kim Soo Hyunට යැවූ පණිවිඩය
6️⃣ – Kim Soo Hyunට අහිමි වුන සන්නාම සමහරක්
7️⃣ – Kim Soo Hyunගේ insta followers අඩුවීම

මම Kim Soo Hyunගේ හෝ Kim Sae Ronගේ die hard fan කෙනෙක් නොවන අතර Kim Soo Hyun හා Lee Min Ho අතර සීතල යුද්ධ පැවතියත් මා සෑමවිටම සිතුවේ Kim Soo Hyunගේ රංගන පෞරුෂය Lee Min Hoට වඩා උසස් තැනක ඇති බවය. නමුත් කෙදිනකවත් මම Min Ho Oppaට වඩා Soo Hyunට ඇළුම් නොකලෙමි. දකුණු කොරියාවේ තරුවල විනය ඔවුන්ගේ රංගන වෘත්තියට සෘජුව බලපාන බැවින් Kim Soo Hyunගේ වෘත්තිය ජීවිතය ගැන මට ඇත්තේ ❓කි

Info & Photos Cre. All the Korean reliable sources

~️ ලක්මාලි වීරසූරිය ~

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *