දේශීය පුවත්

මේ ටික දවසට කැළණි සරසවියට විද්‍යාර්ථයින් තිදෙනෙක් අහිමි වෙලා… රටක් කම්පා කරවන සංවේදී පුවත මෙන්න…

විද්‍යාර්ථයින්ගේ මනසේ රැඳි ආචාර්යවරුන් ලෙස හඳුන්වාදෙන්න පුළුවන්.. ඒත් අද සියල්ලන්ගේම නෙත කඳුළින් තෙත් කරමින් ඔවුන් නික්ම ගිහින්..

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ නැණස පෑදූ ඇදුරන් තිදෙනකුම පසුගිය ඉතා කෙටි දින ගණන තුළ ජීවිතයට සමුදී තිබුණා…

මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් සංවේදී කතාවක්.. අධිවේගී මගේ සිදුවුණු ඒ බිහිසුණු අනතුර, පුංචි දරුවන් තිදෙනෙකුට තම මව්පි‍යන් අහිමි කළ ඒ කතාව ඇත්තෙන්ම අතිශ්‍යය සංවේදී වූවක්..

අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කැලණිය සරසවියේ දර්ශන අධ්‍යයන අංශයේ ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මියගිය අතර පසුව ඔහුගේ බිරිඳ ද බිරිඳගේ සොහොයුරෙක් ද මියගියා.. ඇය ද කථිකාචාර්යවරියක්…

ඉන් පසුව එහි නූතන භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය නිලක්ෂි ප්‍රේමවර්ධනත් එම විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අංශයේ කථිකාචාර්ය රුසිරු චිත්‍රසේනත් හදිසියේ රෝගාතුරව අභාවප්‍රාප්ත වී තිබුණා..

මොවුන්ගේ නික්මයාම විශ්ව විද්‍යාල පද්ධතියට සේම එම විද්‍යාර්ථයින්ගේ ජීවිතවලටද විශාල පාඩුවක් වෙනවා..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!