තරු ගොසිප්

චාරිත්‍ර කරලා මාතලේ යනවා.” මෙදා පාර අවුරුද්ද නම් ඔහු කාර්‍යබහුල අවුරුද්දක් වගේ…

සිංහල අලුත් අවුරුද්ද ඇවිත්. හැමෝම ප්‍රීතියෙන්. ප්‍රීතිමත් බව තවත් වැඩිවෙන්නේ අපි කියන කරන දේවල්වලින්. මේ සිංහල අලුත් අවුරුද්ද අපේ කලා තරුවලටත් විශේෂයි කියලා හිතුන හින්දම එයාලා මොනවද කරන්නේ කියලා දැනගන්න හිතුවා. මේ නිසා කීපදෙනෙක් එක්ක කතා කළේ අවුරුදු සරුද, මොකද කරන්නේ කියලා අහන්න.

‘‘මේ ගෙවෙන්නේ හරිම කාර්යබහුල දවස් ටිකක්. ජගත් ආනන්ද මහතාගේ යකඩ මනමාලි චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා සහභාගී වන නිසා හුස්මක්වත් ගන්න ඉඩක් නැහැ. එකදිගට දවස් 24 ක් රූපගත කිරීම්වල උන්නේ. ගල්ගමුව, ඇහැටුවැව ප්‍රදේශවල කට්ට අව්වේ රූපගත කිරීම් කළා. කොටින්ම දැන් මම හොඳටම කළු වෙලා. මාස ගාණක් මහන්සි වුණත් ගොඩ ගන්න බැරි තරමට කළු වෙලා.
මේ වෙහෙසයි, තෙහෙට්ටුවයි නිසා මේ සිංහල අවුරුද්දේ පොඩි විවේකයක් ගන්න තීරණය කළා. ආයෙමත් ෂූටින් පටන් ගන්න තියෙන්නේ 18 නිසා දවස් හතරක විතර පුංචි විරාමයක් ලැබෙනවා. මේ විවේක කාලයේ එක දවසක ගෙදර අයත් එක්ක ඉන්න ඕනේ. ඒ නිසා අවුරුදු සමරලා යාළුවෝ සෙට් එකත් එක්ක මාතලේ පැත්තේ රවුමක් දාන්න හිතාගෙන ඉන්නේ. මාතලේ ලස්සන තැන් වගේම ලස්සන නවාතැන් තියෙනවා. හැමෝගෙන්ම අයින් වෙලා නිදහසේ දවස් තුනක් විතර ඉඳලා එනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!