දේශීය පුවත්

ඔන්න දැන් මගේ වාරේ… මට ඉඩ ලැබෙන හැම වෙලාවෙම එයාලව සතුටින් තියන්නයි උත්සහ කරන්නේ… ” රටක් ආදරේ කරන ලෝචනා එදා තමන්ගේ අම්මාව සතුටු කරේ මෙහෙමයි.

පුංචි දුවෙක්ගේ අම්මා කෙනෙක් වෙනකොට ඒ අම්මා හැම වෙලාවම බලන්නේ තමගේ දරුවා ලස්සනට තියන්න..

හැමෝම ඉදිරියේ කාගේත් ආකර්ශනය දිනාගත්ත පුංචි සිඟිත්තියක් කරන්න ලෝචනාගේ අම්මාත් ඇය පුංචි කාලේ ගොඩක් මහන්සි වෙන්න ඇති..

ලෝචනා ඉමාෂි කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්.. මීට කාලෙකට ඉහතදී කලාවට එන ඇය අද වෙද්දී කාගේත් ආකර්ශනය දිනාගත් තාරකාවක් වෙනවා.. මේ අන්න ඒ අතීතය ගැන හරි ආදරණීය ආවර්ජනයක්..

දැන් ඇයත් බිරිඳක් ඒ වගේම මවක්.. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ඇයට ලැබුණ ඒ ලස්සන අවස්ථාවේදී ලෝචනාත් ඇගේ අම්මත් මෙන්න මේ විදිහට හැඩවෙන්න හිතලා.. ඒ එක්කම ඇය මෙන්න මේ වගේ ආදරණීය සටහනක් එක්කරන්නත් අමතක කරලා තිබුණේ නැහැ..

“දරුවන්ට ලස්සන ලස්සන ඇදුම් අන්දවලා හැඩට ගමන් එක්ක යන අම්මලා තාත්තලා අපි දැකලා තියනවනේ.. ඔයාලට වගේම මටත් ඉන්නවා පොඩිකාලේ මාව ලස්සනට අන්දවගෙන එහෙම එක්ක ගිය අම්මයි තාත්තයි… ඔන්න දැන් මගේ වාරේ.. මට ඉඩ ලැබෙන හැම වෙලේම එයාලව ලස්සනට සතුටින් තියන්නයි උත්සහ කරන්නේ.. අපි වෙනුවෙන් අදටත් මහන්සි වෙන මගේ අම්මා මේ.. බලන්නකො ලස්සන..”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!