දේශීය පුවත්

දුම්රිය මැදිරි ‘ සම්බාහන මැදිරි ‘ කිරීම ගැන විශේෂ පරීක්ෂණයක්..

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය මැදිරි තුළ පසුගිය දා සිදු කළ බව කියන සම්බාහනය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.

පසුගිය 15 වැනිදා පිළිමතලාව සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක මෙම සම්භාහනය සිදුවූ ඇති බවත් ඊට අදාළා වීඩියෝ පටයක් සමාජ මාධ්‍යය තුළ සංසරණය වන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවට මුදල් ගෙවා පෞද්ගලික ආයතනයක් මගින් දුම්රිය වෙන්කරවා ගෙන ඒ තුළ මෙම සම්බාහනය සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඔහු අනාවරණය කළේය.

මෙම සම්බාහන සිද්ධිය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති බවත් මෙය මෙරට දුම්රිය සේවාවේ ආයතනික රෙගුලාසි වලට පටහැනි ක්‍රියාවක් බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

විශේෂ ඇඳුමකින් සැරසුණු පිරිමි සහ කාන්තාවන් දුම්රියේ ගමන් ගත් විදේශිකයන් සඳහා සම්බාහන සේවාවන් සිදුකළ අතර එය වීඩියෝ කළ පුද්ගලයන් සිංහල භාෂාවෙන් අදහස් හුවමාරු කරගන්නා ආකාරය දිස්විය

copied

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!